පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
431/2023
ගරු බුද්ධික පතිරණ මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මහාචාර්ය, ආචාර්ය, කලා නිධි, විද්‍යා කීර්ති, විද්‍යා ජෝති, දේශ බන්දු, දේශ කීර්ති, දේශමාන්‍ය, විශ්ව කීර්ති සහ දේශ ශක්ති ආදී එක් එක් නම්බු නාම/ගෞරව නාම/පදවි පිරිනැමීමට බලය ඇති රාජ්‍ය ආයතන වෙන් වෙන් වශයෙන් කවරේද;
(ii) එම එක් එක් නම්බු නාමය/ගෞරව නාමය/පදවිය පිරිනැමීමේදී සලකා බලනු ලබන අධ්‍යාපන හා වෙනත් සුදුසුකම් වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) ඉහත සඳහන් නම්බු නාම/ගෞරව නාම/පදවිවලට අමතරව රජය විසින් පිරිනමනු ලබන වෙනත් ගෞරව නාම/නම්බු නාම/පදවි තිබේද;
(iv) එසේ නම්, ඒවා පිරිනමනු ලබන ආයතන කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) නම්බු නාම/ගෞරව නාම/පදවි පිරිනමනු ලබන ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආයතන/සංවිධාන කවරේද;
(ii) එම එක් එක් ආයතනය/සංවිධානය විසින් පිරිනමනු ලබන නම්බු නාම/ගෞරව නාම/පදවි වෙන් වෙන් වශයෙන් කවරේද;
(iii) එම ආයතන/සංවිධාන නියාමනය කිරීම සඳහා රජයේ ක්‍රමවේදයක් තිබේද;
(iv) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;
(v) ගෞරව නාම/නම්බු නාම/පදවි පිරිනැමීමෙන් පසු එම පුද්ගලයන් සම්බන්ධයෙන් පසු විපරම් කිරීමේ ක්‍රමවේදයක් තිබේද;
(vi) එසේ නම්, එම ක්‍රමවේදය කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-04-04
අසන ලද්දේ
ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනතේ 29 (එ) මඟින් පවරා ඇති බලය ප්‍රකාරව එම පනත යටතේ පිහිටුවා ඇති විශ්වවිද්‍යාලයක් මඟින්;
"විශ්වවිද්‍යාලයක සනාතන සභාව විසින් නිර්දේශ කරනු ලැබ ඒ විශ්වවිද්‍යාලයේ පාලක සභාව විසින් අනුමත කරන ලද තැනැත්තන්ට සම්මාන උපාධි හෝ වෙනත් ශාස්ත්‍රීය විශිෂ්ටතා පිරිනැමීම" සිදු කළ හැකිය.
ඒ සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටිය 2009.03.11 දරන කොමිෂන් සභා චක්‍රලේඛ අංක 908 මඟින් දක්වා ඇත. විශ්වවිද්‍යාල පනතේ අදාළ ප්‍රතිපාදනය සහ කොමිෂන් සභා චක්‍රලේඛ අංක 908 මේ සමඟ ඉදිරිපත් කර ඇත. එය ඇමුණුම ලෙස සභාගත* කරමි.
ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මීට අමතරව සම්මාන ලබා දෙන්න පුළුවන් තවත් නීතියක් තිබෙනවා. ජනාධිපතිතුමාට පුළුවන්, පුරවැසියන්ට සම්මාන දෙන්න. ඒ සඳහාත් පනතක් තිබෙනවා. ඒ සඳහා අයදුම්පත් කැඳවලා ඒක ප්‍රසිද්ධියට පත් කරලා, විද්වත් කමිටුවක් මඟින් ඒක review කරලා, ඊට පස්සේ ලැබෙන නිර්දේශ අනුව එක එක මට්ටම්වලින් සම්මාන ලබා දෙනවා. උදාහරණයක් විධියට විද්‍යාජෝති සම්මානය පෙන්වා දෙන්න පුළුවන්. ඒ වාගේ සම්මාන සමූහයක් තිබෙනවා. අපේ ඉතිහාසය තුළ විවිධ ජනාධිපතිවරු විසින් වරින් වර ඒ සම්මාන දීලා තිබෙනවා. මෙන්න මේ ක්‍රම දෙක තමයි පිළිගත් සම්මාන ලබා දීමේ ක්‍රම දෙක. ඒ හැර එක් එක් ආයතන මඟින් සංවිධාන පිහිටුවාගෙන සම්මාන දෙනවා.
ඒ පිළිබඳව නෛතික වශයෙන් කොහේවත් සඳහන් වෙලා නැහැ. ඉතින් මට නෛතික වශයෙන් පිළිතුර දෙන්න පුළුවන් වන්නේ ඉහත කී පිළිගත් සම්මාන ලබා දීමේ ක්‍රම දෙක ගැනයි. පළමුවෙනි එක 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත සහ 908 චක්‍රලේඛය අනුව විශ්වවිද්‍යාලයක් මඟින් දිය හැකි සම්මාන. දෙවැනි එක තමයි, ජනාධිපතිතුමා මඟින් දිය හැකි සම්මාන. [බාධා කිරීමක්] නැහැ, නැහැ. පළමුවෙනි කොටසට පිළිතුර ඒකයි. විශ්වවිද්‍යාල මඟින් සම්මාන දෙන්න පුළුවන්, වරින් වර ජනාධිපති සම්මාන ලබා දෙන්න පුළුවන්.
(ii) විෂය පථයට අදාළ නොවේ.
(iii) විෂය පථයට අදාළ නොවේ.
(iv) විෂය පථයට අදාළ නොවේ.
(ආ) (i) විෂය පථයට අදාළ නොවේ.
ඒ ගැන නිශ්විතව සඳහන් කරන්න මට බැහැ. මොකද, තොරතුරු ගන්න තැනක් නැහැ.
(ii) විෂය පථයට අදාළ නොවේ.
තොරතුරු නැතිව ඒකටත් පිළිතුරු දෙන්න බැහැ.
(iii) විෂය පථයට අදාළ නොවේ.
ඇත්තටම එවැන්නක් නැහැ. හැබැයි මම පිළිගන්නවා, එවැන්නක් තිබිය යුතුයි කියලා.
(iv) විෂය පථයට අදාළ නොවේ.
ක්‍රමවේදයක් නැහැ.
(v) විෂය පථයට අදාළ නොවේ.
මා මුලින් සඳහන් කළ කොටස් දෙක යටතේ දෙන්නේ නෛතිකව. ඒක හොඳට හොයලා බලලායි දෙන්නේ. ඒ සම්බන්ධයෙන් ඔබතුමාට පැහැදිලි කිරීමක් අවශ්‍ය නම් මට එය කරන්න පුළුවන්, ගරු මන්ත්‍රීතුමනි. අනෙක් ආයතන සම්බන්ධයෙන් එහෙම ක්‍රමවේදයක් නැහැ.
(vi) විෂය පථයට අදාළ නොවේ.
මා ළඟ තිබෙනවා University Grants Commission Circular No. 908. ඔබතුමාගේ දැනගැනීම සඳහා මම ඒ Circular එකෙන් කොටසක් විතරක් කියවන්නම්. ඒකෙන් දැනුම් දීලා තිබෙන්නේ, "Guidelines to be followed by Universities in Conferring Honorary Degrees to Distinguished Persons". මෙහි වර්ගීකරණයක් - categorize කිරීමක් - කරලා තිබෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත්, "Category A" යටතේ සඳහන් වෙනවා, I quote:
"A Person who is widely recognized as a person of eminence, an outstanding personality in a field of knowledge or other creative or intellectual activity at a national, sectoral or regional level."
ඒක එක category එකක්. ඊළඟට, "Category B" යටතේ තිබෙනවා, I quote:
"A person who has made outstanding, innovative and landmark contributions to knowledge, or other creative or intellectual activity in a sustained way (or of such vital and critical importance to the subject area in question) ..."
"Category B" එකේ අන්න ඒ විධියට තිබෙනවා. "Category C" කියලා තව එකක් තිබෙනවා. මෙහි අවසාන වශයෙන් කියනවා, I quote:
“An Honorary Degree should be conferred by a University only on the recommendation of its Senate and the approval of its Council.”
මෙන්න මේක තමයි ක්‍රියාදාමය. ඒ අවස්ථාවේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ හිටපු සභාපතිතුමා තමයි, මහාචාර්ය ගාමිණී සමරනායක මහත්මයා. මේක තමයි අදටත් වලංගු වෙලා තිබෙන්නේ, විශ්වවිද්‍යාලයක් මඟින් ගෞරව උපාධි පිරිනැමීම සම්බන්ධයෙන්.
(ඇ) විෂය පථයට අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-08-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks