පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
423/2023
ගරු ගයන්ත කරුණාතිලක මහතා,— විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) විදුලි බිල්පත් සඳහා දැරීමට සිදුවන වියදම අඩු කිරීම සඳහා රාජ්‍ය සේවකයන් වෙනුවෙන් 2021 වර්ෂයේ අයවැය මඟින් යෝජනා කරන ලද ‘සූර්ය බල විදුලි පහසුකම් විශේෂ ණය යෝජනා ක්‍රමය’ ක්‍රියාත්මක වන්නේද;
(ii) එසේ නම්, එම ණය යෝජනා ක්‍රමය ආරම්භ කරන ලද දිනය කවරේද;
(iii) එම ණය යෝජනා ක්‍රමය යටතේ එක් රාජ්‍ය සේවකයෙකු සඳහා ලබා දීමට අපේක්ෂිත ණය මුදල සහ ඊට අදාළ පොලී අනුපාතය කොපමණද;
(iv) එම ණය යෝජනා ක්‍රමය යටතේ මේ වනවිට ණය ලබා දී ඇති රාජ්‍ය සේවකයන් සංඛ්‍යාව හා ලබා දී ඇති මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-07
අසන ලද්දේ
ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
විදුලිබල හා බලශක්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) 2021 අය වැය කථාවේ "රාජ්‍ය සේවකයන් සඳහා සහන" යටතේ රාජ්‍ය සේවකයන්ගේ විදුලි බිල්පත් වියදම් අඩු කිරීම සඳහා සූර්යබල විදුලි පහසුකම් ලබාදීමට විශේෂ ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති නමුත් 2021 වර්ෂය සඳහා අනුමත කරන ලද අය වැය ඇස්තමේන්තුව මඟින් මෙවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා එවකට පැවති විදුලිබල අමාත්‍යාංශය හෝ සූර්යබල, සුළං හා ජලවිදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය වෙත ප්‍රතිපාදන වෙන් කර දී නොතිබුණි. එබැවින්, එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වී නොමැත.
(ii) ඉහත ප්‍රශ්න අංක (i) සඳහා ලබා දී ඇති පිළිතුර අනුව පැන නොනඟී.
(iii) ඉහත ප්‍රශ්න අංක (i) සඳහා ලබා දී ඇති පිළිතුර අනුව පැන නොනඟී.
(iv) ඉහත ප්‍රශ්න අංක (i) සඳහා ලබා දී ඇති පිළිතුර අනුව පැන නොනඟී.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කංචන විජේසේකර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks