01

E   |     |  

 දිනය: 2023-05-11   පිළිතුර ලබා දී ඇත 

0420/2023: Employee details deported for foreign employment from year 2015 to 2019

420/2023

ගරු ගයන්ත කරුණාතිලක මහතා,— කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)      වර්ෂ 2015 සිට 2019 දක්වා රැකියා සඳහා විදේශ ගත වූ ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;

            (ii)       ශ්‍රී ලාංකිකයන්ට විදේශ රැකියා අවස්ථා ලබා දීම සඳහා එම කාලය තුළදී අලුතින් හඳුනාගන්නා ලද රටවල් කවරේද;

(iii) එම රටවල රැකියා සඳහා පිටත්ව ගිය ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව කොපමණද;

(iv) වර්ෂ 2015 සිට 2019 දක්වා විදේශ රැකියා මඟින් ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ විනිමය ආදායම එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය මඟින් යෝජනා කර තිබූ වසර 6කට වැඩි කාලයක් විදේශ රැකියාවල නිරත ශ්‍රී ලාංකිකයන් සඳහා වූ දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය මේ වනවිට ක්‍රියාත්මක වන්නේද;

(ii) එසේ නම්, එය ක්‍රියාත්මක කරන ලද දිනය කවරේද;

(iii) එම දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමය තුළින් ප්‍රතිලාභ ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-05-11

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

කම්කරු හා විදේශ රැකියා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks