04

E   |     |  

 දිනය: 2012-06-22   පිළිතුර ලබා දී ඇත 

2065/2012: මහකනදරා වැව ප‍්‍රතිසංස්කරණය : අක‍්‍රමිකතා

2065/’11

ගරු දයාසිරි ජයසේකර මහතා,— වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       අනුරාධපුර මහකනදරා වැව ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙන් කළ මුදල කොපමණද යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)       (i)       එකී ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීම පිළිගත් ටෙන්ඩර් පටිපාටියට අනුව ලබා දී තිබේද;

  (ii)  එසේ නම්, ඒ සඳහා ටෙන්ඩර් ඉදිරිපත් කළ ටෙන්ඩර්කරුවන්ගේ නම් සහ ලිපිනයන් කවරේද;

  (iii)  ටෙන්ඩරය ලබා දුන් ආයතනයේ  නම සහ ලිපිනය කවරේද;

  (iv)  එම ආයතනයේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයින්ගේ නම් කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ)  (i)  මහකනදරා වැව ප‍්‍රතිසංස්කරණය කිරීමේදී අක‍්‍රමිකතා සිදු වූ බවට ජනාධිපති විමර්ශන අංශය මඟින්  හෙලිදරව් කර ගෙන තිබේද;

  (ii)  එසේ නම්, ඒ අනුව ඊට චෝදනා ලැබූ නිලධාරීන් කවුරුන්ද;

   (iii)  එම අවස්ථාවේ දී ඔවුන් දැරූ තනතුරු කවරේද;

  (iv)   ඔවුන්ට එරෙහිව ගත් ක‍්‍රියාමාර්ග කවරේද;

  (v)  ක‍්‍රියාමාර්ගයක් ගෙන නොමැති නම්, මේ වන විට ඔවුන් සේවය කරන ස්ථාන කවරේද;

  (vi)   මේ වන විට ඔවුන් දරන තනතුරු කවරේද;

යන්න එතුමා  සඳහන් කරන්නෙහිද?

(ඈ)  නොඑසේ නම්, ඒ මන්ද?

 

 

අසන ලද දිනය

2012-06-22

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා

(மாண்புமிகு நிமல் சிறிபால த சில்வா)

(The Hon. Nimal Siripala de Silva)

ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.

(අ)  රු. 4,276,000.00කි.

(ආ)         (i)      ඔව්.

              (ii)     1.      සුනිල් ජයරත්න කන්ස්ට්‍රක්ෂන්, ඉහළ ඕබඩයාගම, කලංකුට්ටිය

                       2.      රෝයල් ‍ට්‍රේඩර්ස්, 228, කොළඹ පාර, කුරුණෑගල

                       3.      දිසානායක කන්ස්ට්‍රක්ෂන්ස්, හුණුපොලයාගම හාඩ්වෙයාර්, බුල්නෑව, ගල්නෑව

                       4.      කේ. කරුණාරත්න කන්ස්ට්‍රක්ෂන්ස්, නො.147, යාය 02, මහකනදරාව, රඹෑව

                       5.      මල්ලිකා කන්ස්ට්‍රක්ෂන්, ඉහළගම හන්දිය, කැකිරාව

             (iii)  සුනිල් ජයරත්න කන්ස්ට්‍රක්ෂන්, කලංකුට්ටිය, ඉහළ ඕබඩයාගම.

            (iv)  මෙම තොරතුරු අදාළ නොවන බැවින් ලබා ගෙන නොමැත.

(ඇ)       (i)  මහකනදරා වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු කිරීමේ දී අක්‍රමිකතා සිදු වූ බවට අනාවරණය වී නොමැත. එසේ නමුත්, මෙම කොන්ත්‍රාත් ලබා දීමේ දී, ප්‍රතික්ෂේප කරනු ලැබූ, කොන්ත්‍රාත්කරුවකුගේ ලංසු තැන්පතුව - bid bond - වන රු.35,000ක මුදල නිදහස් කිරීමේ දී අනුගමනය කර ඇති ක්‍රිය මාර්ගය - procedure - පිළිබඳව පමණක් ගැටලු සහගත තත්ත්වයක් ඇති බවට නිරීක්ෂණය කර ඇත.

           (ii)   මේ සම්බන්ධයෙන් එවකට සිටි අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයා, වාරිමාර්ග ඉන්ජිනේරු අනුරාධපුරය යන දෙදෙනාගෙන්ම නිදහසට කරුණු විමසා ඇත.

           (iii)  ඉහත  (ii)  පරිදි අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයා හා වාරිමාර්ග ඉන්ජිනේරු අනුරාධපුරය.

           (iv)  ඉහත  (ii)  සඳහන් කර ඇති පරිදි නිලධාරින්ගෙන් කරුණු විමසා ඇත. මෙම නිලධාරින්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කළ යුතුව ඇත්තේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම් හා ඉන්ජිනේරු සේවා අධ්‍යක්ෂ මඟින් බැවින් ඒ අනුව ඔවුන්ට විරුද්ධව විනයානුකූලව කටයුතු කිරීමට පියවර ගෙන තිබු අතර, එම කටයුතු ඉටු කිරීමේ දී, රාජ්‍ය පරිපලන ලේකම්ගේ නියෝගය පරිදි ඉන්ජිනේරු සේවා අධ්‍යක්ෂ විසින් " අදාළ නිලධාරින්ට විරුද්ධව මූලික විමර්ශනය පවත්වා ඇත්තේ ජනාධිපති විමර්ශන ඒකකය විසින් බැවින් ආයතන සංග්‍රහයේ XLVIII පරිච්ඡේදයේ 13.1 වගන්තියෙහි සඳහන් විධිවිධන අනුව මූලික විමර්ශනයක් පැවැත්විය යුත්තේ විනය බලධාරියා, ආයතන ප්‍රධානියා හෝ ඔහු විසින් බලය පවරනු ලැබූ පුද්ගලයකු/කමිටුවක් මඟින් බවට" උපදෙස් ලබා දෙන ලද අතර, එම උපදෙස් සලකා බලා මෙම අමාත්‍යාංශය මඟින් විශේෂ කමිටුවක් පත් කර මූලික විමර්ශනයක් පවත්වා ඇති අතර, එම මූලික විමර්ශන වාර්තාව අනුව මෙම නිලධාරින්ට විරුද්ධව කටයුතු කිරීම සඳහා ඉන්ජිනේරු සේවා අධ්‍යක්ෂ සමඟ ඉදිරි කටයුතු සිදු කරමින් පවතී.

             (v)  ක්‍රියා මාර්ගයක් ගෙන ඇති බැවින් අදාළ නොවේ.

             (vi) එවකට සිටි අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂවරයා දැන් අධ්‍යක්ෂ (ජල සම්පත් සැලසුම්) වශයෙන්ද, එවකට වාරිමාර්ග ඉන්ජිනේරු අනුරාධපුරය වශයෙන් සිටි නිලධාරියා දැන් වාරිමාර්ග ඉන්ජිනේරු වශයෙන් ද කටයුතු කරයි.

(ඈ) අදාළ නොවේ. 

 

පිළිතුරු දුන් දිනය

2012-12-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks