04

E   |     |  

 දිනය: 2023-09-21   පිළිතුර ලබා දී ඇත 

0388/2023: මහනුවර ජාතික රෝහල: මිනිස් අවයව ජාවාරමක් පිළිබඳ චෝදනා

388/2023

ගරු නීතීඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— සෞඛ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      මහනුවර ජාතික ‍රෝහලේ මිනිස් අවයව සම්බන්ධ ජාවාරමක් සිදු කරනු ලබන බව 2022.01.27 දින “ලක්සර” සමාජ මාධ්‍ය ප්‍රකාශය මඟින් ප්‍රකාශයට පත් කර ඇති ලිපියකින් චෝදනා එල්ල කර ඇති බවත්;

(ii) ඉහත ජාවාරම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන මෙන් මහනුවර ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් ඉල්ලා ඇති බවත්;

එතුමා දන්නෙහිද?

(ආ) (i) “මියගිය දායකයන්ගේ අවයව පරිත්‍යාග කිරීමේ ජාතික වැඩසටහනේ” නුවර කලාපයේ ප්‍රධාන මෙහෙයුම් භාර නිලධාරි විසින් මේ සම්බන්ධයෙන් එම රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇති බවට තොරතුරු තිබේද;

(ii) මෙවැනි චෝදනාවක් එල්ලවීමෙන් මහනුවර ජාතික රෝහල සම්බන්ධයෙන් ජනතාව අතර වැරදි සහගත ආකල්පයක් ඇතිවීම හා රෝහල් පද්ධතිය සම්බන්ධයෙන් විශ්වාසය බිඳී යාම වළක්වා ගැනීම සඳහා පියවර ගන්නේද;

(iii) චෝදනාව පදනම් විරහිත නම්, ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

 

අසන ලද දිනය

2023-09-21

අසන ලද්දේ

ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සෞඛ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      මහනුවර ජාතික රෝහල හෝ සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ දැනුවත් වී නොමැත.

              (ii)      නොමැත.

(ආ)         (i)      ඔව්.

                        වකුගඩු බද්ධ කිරීමේ කටයුතු සම්බන්ධ පැමිණිලි ලැබී ඇත.

                        ඒ පිළිබඳව විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සමන්විත කමිටුවක් මඟින් කරුණු සොයා බැලූ අතර, එහිදී සියලු චෝදනා පදනම් විරහිත බව නිරීක්ෂණය වී ඇත.

(ii) දැනට රෝගී සත්කාර සේවා ප්‍රශංසනීය ලෙස ඉටු කරන අතර විශ්වාසය බිඳීයාමක් පිළිබඳ කිසිදු වාර්තාවක් නොමැත.

(iii) චෝදනාව පදනම් විරහිත බැවින් නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොමැත.

(ඇ) පැන නොනඟී.

පිළිතුරු දුන් දිනය

2023-11-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks