පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
386/2023
ගරු නීතීඥ වසන්ත යාපාබණ්ඩාර මහතා,— වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යතුමියගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවට ආවේණික, දුර්ලභ හා වඳවීයාමේ තර්ජනයට ලක් වී ඇති ශාක හා සත්ත්ව ජාන කොටස් නීති විරෝධී ලෙස විදේශ රටවලට රැගෙන යාමේ යෙදෙන විදේශිකයන් සිටින බව දන්නේද;
(ii) ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු නියම කරනු ලබන දඩ මුදල ගෙවා ඔවුන්ට පහසුවෙන්ම ශ්‍රී ලංකාවෙන් පිටවීමට අවස්ථාව ලැබී තිබේද;
(iii) ඔවුන් නැවත නැවත ශ්‍රී ලංකාවට පැමිණ එම කටයුත්තේ යෙදී තිබෙන අවස්ථාවන් වාර්තා වී තිබේද;
(iv) එම කටයුත්තේ යෙදී ඇති සංවිධානාත්මක පුද්ගලයන් හඳුනා ගැනීමට කටයුතු කර තිබේද;
යන්න එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) මෙවැනි කටයුතු මැඩපැවැත්වීම සඳහා ප්‍රමාණවත් වනජීවී නිලධාරින් සංඛ්‍යාවක් සිටින්නේද;
(ii) නොඑසේ නම්, නිලධාරින් සංඛ්‍යාව වැඩි කරගැනීමට ක්‍රමවේදයක් තිබේද;
(iii) ශ්‍රී ලංකාවේ වනාන්තරවල සංචාරය කරනු ලබන විදේශිකයන්ගේ ක්‍රියා කලාපය නිරීක්ෂණය කිරීම සඳහා වැඩපිළිවෙළක් තිබේද;
(iv) එසේ නම්, එම වැඩපිළිවෙළ කවරේද;
යන්නත් එතුමිය මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-05-25
අසන ලද්දේ
ගරු නීතිඥ වසන්ත යාපාබණ්ඩාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් පසු අධිකරණ කටයුතු සිදු කරනු ලබන අතර, අධිකරණය මඟින් සිදු කරනු ලබන නියමයන් අනුව කටයුතු කරනු ලැබේ.
(iii) එවැනි අවස්ථා වාර්තා වී නොමැත.
(iv) මෙරට ඇති ශාක හා සත්ත්ව විශේෂ සම්බන්ධව නීති විරෝධී වෙළඳාමට හා අපනයනයට සම්බන්ධ සංවිධානාත්මක පුද්ගලයින් හෝ කණ්ඩායම් සිටී ද යන්න ආරක්ෂක අංශ ඇතුළු අදාළ අනෙක් පාර්ශ්වීය රාජ්‍ය ආයතනයන් හා ඒකාබද්ධව නිරන්තර අවධානයෙන් සිටින අතර, මෙතෙක් එවැනි සංවිධානාත්මක පුද්ගලයින් හෝ කණ්ඩායම් අනාවරණය වී නැත.
(ආ) (i) වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමත කාර්යය මණ්ඩලයේ වනජීවී නිලධාරින් සඳහා පුරප්පාඩු විශාල ප්‍රමාණයක් පවතී. එම පුරප්පාඩු සංඛ්‍යාවක් පැවතිය ද, දෙපාර්තමේන්තු රාජකාරි අඛණ්ඩව පවත්වාගෙන යනු ලැබේ.
(ii) අංක අමාත්‍ය /23/1172/605/012 - V හා 2023.07.11 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පවතින පුරප්පාඩුවලින් පහත සඳහන් තනතුරුවල පුරප්පාඩු පිරවීම සඳහා සමාලෝචන කමිටුව වෙත ඉදිරිපත් කරන ලද යෝජනා සඳහා අනුමැතිය ලබා දී ඇති අතර, ඒ අනුව අඩවි ආරක්ෂක තනතුරු 20ක් ද, වන සත්ත්ව නියාමක තනතුරු 12ක් ද සඳහා සීමිත පදනමකින් බඳවා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී.
(iii) ඔව්.
(iv) ඔව්.
* උද්‍යාන පිවිසුම්වල තහනම් ක්‍රියා, තහනම් නොවන ක්‍රියා පිළිබඳව දැනුවත් කිරීමේ පුවරු සවි කර ඇත. නොමිලේ අත් පත්‍රිකා ලබා දීම ද සිදු කරනු ලැබේ.
* සෆාරි ජීප් රථ රියදුරන් සඳහා ද මාර්ගෝපදේශක පුහුණුව හා උද්‍යාන නීති රීති පිළිබඳව වසරක් පාසා පුහුණුවක් ලබා දීම සිදු කරගෙන යනු ලැබේ.
* සංචාරය කරනු ලබන විදේශීය හා දේශීය කණ්ඩායම් සඳහා මාර්ගෝපදේශකත්වය ලබා දීම සඳහා ස්වේච්ඡා මාර්ගෝපදේශකයන් යොදවා ඇත. ඔවුන් විසින් සංචාරකයන් හට වනජීවී විෂයය පිළිබඳව සහ සතුන්ගේ චර්යා රටා ආදීන් පිළිබඳව දැනුවත් කිරීම සිදු කරනු ලබන අතර, උද්‍යානය තුළ පිළිපැදිය යුතු නීති රෙගුලාසි, ආචාර ධර්ම පිළිබඳව දැනුවත් කිරීම සිදු කරනු ලැබේ.
* තවද සංචාරකයන් විසින් යම් නීති විරෝධී කටයුත්තක් සිදු කරන්නේද යන්න දැඩි අවධානයෙන් සිටින ලෙසද, එ් පිළිබඳව උද්‍යාන මූලස්ථානයට වහාම දන්වන ලෙසද මාර්ගෝපදේශකයන්හට දන්වා ඇත.
මීට අමතරව,
* සංචාරකයන්හට වාහනවලින් පිටතට පැමිණීමට නියමිත ස්ථානවලදී පමණක් අවසර ලබා දෙන අතර, එය නියමිත නිලධාරින් විසින් අධීක්ෂණය කරනු ලබයි.
* උද්‍යාන තුළදී සතුන්හට ආහාර ලබා දීම සපුරා තහනම් කර ඇති අතර එය උල්ලංඝනය කරන අයට අවස්ථාවෝචිතව නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබයි.
* දේශීය හා විදේශීය සංචාරකයන් සඳහා විවෘතව ඇති ජාතික උද්‍යානවල වාහන ගමන් කළ හැකි උපරිම වේග සීමා පනවා ඇත. පැයට කිලෝමීටර 20යි (20 kmh-1).
* පෙරවරු 6.00 සිට පස්වරු 6.00 දක්වා පමණක් සංචාරය කිරීමට වාහනවලට අවසර ඇති අතර, එම කාල සීමාව ඉක්මවනවාද යන්න නිරීක්ෂණය කර එම නීති උල්ලංඝනය කරන්නන්ට ක්‍රියාමාර්ග ගනු ලැබේ.
* දේශීය සහ විදේශීය සංචාරකයන් සඳහා වාහන ආරක්ෂිතව ගාල් කළ හැකි රථගාල්, සංචාරක මධ්‍යස්ථාන, වැසිකිළි කැසිකිළි පහසුකම් සහ සමහර ජාතික උද්‍යානවල ආපනශාලා වැනි සංචාරක පහසුකම් සපයා ඇත.
* සංචාරකයන්හට පහසුවෙන් උද්‍යාන තුළ ගමන් කිරීමට හැකිවන අයුරින් උද්‍යානයේ ගමන් කළ හැකි මාර්ග, නැරඹිය හැකි ස්ථාන පිළිබඳව විවරණ පුවරු, ගමන් මාර්ග පිළිබඳ පුවරු සවි කර ඇත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-08-23
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks