පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2027/’11
ගරු සජිත් ප්‍රේමදාස මහතා,— ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්තමානයේ අවිවිධිමත් හා අනියම් ක්‍රම මගින් කාන්තාවන් හා කුඩා ළමුන් ගෘහ සේවය, ළමුන් රැකබලා ගැනීම හා ගෙවතු නඩත්තුව ආදී රැකියා සඳහා යොදවන බවත්;
(ii) එසේ සේවයේ යෙදෙන කුඩා ළමුන් හා කාන්තාවන් බොහෝවිට නොයෙකුත් වද හිංසාවලට භාජනය වන බවත්;
එතුමා පිළිගන්නෙහිද?
(ආ) (i) ඉහත පරිදි ළමුන් සහ කාන්තාවන් වද හිංසාවලට ලක්වීම තුරන් කිරීම සඳහාත්, සේවක හා සේව්‍ය යන දෙපාර්ශ්වයටම යහපතක් වීම සඳහාත්, ඉහත සඳහන් රැකියා අපේක්ෂිත අයට ලියාපදිංචි විය හැකි විධිමත් ක්‍රමවේදයක් සහිත ආයතනයක් පිහිටුවීමට කටයුතු කරන්නේද;
(ii) පිහිටුවන ලද එවැනි ආයතනයක ලියාපදිංචි පුද්ගලයින් පමණක් ඉහත (අ) (i) හි සඳහන් රැකියා සඳහා විධිමත්ව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නේද;
යන්න එතුමා සඳහන් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-04-03
අසන ලද්දේ
ගරු සජිත් ප්‍රේමදාස මහතා, පා.ම.
අමාත්‍යාංශය
ළමා සංවර්ධන හා කාන්තා කටයුතු
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා ( ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍යතුමා)
(மாண்புமிகு எம்.எல்.ஏ.எம். ஹிஸ்புல்லாஹ் - சிறுவர் அபிவிருத்தி, மகளிர் அலுவல்கள் பிரதி அமைச்சர்)
(The Hon. M.L.A.M. Hisbullah - Deputy Minister of Child Development and Women’s Affairs)
Hon. Deputy Speaker, on behalf of the Minister of Child Development and Women's Affairs, I answer Question No. 2.
(a) (i) Yes.
(ii) Yes. It is illegal in any form to engage children in employment. However, women have the right to engage in employment based on their interest and the contract of employment they are entering with the employer.
(b) (i) When children under 14 years of age are employed and whether they are abused, injured or violence has taken place, legal actions are taken as a punishment for the employment of children. Immediate actions are being taken for the complaints received on violence against women workers. Establishment of a specific registering mechanism for women, who are expecting employment is an issue related to labour relations and therefore kind attention of the Minister of Labour and Labour Relations is required.
(ii) Information could be taken from the Minister of Labour and Labour Relations in this regard.
(c) No.
පිළිතුරු දුන් දිනය
2012-10-25
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාහ් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks