01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0010/2023: Accused personnel details with regard to Easter Sunday attack

10/2023

ගරු චමින්ද විජේසිරි මහතා,— මහජන ආරක්ෂක අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට භාජනය වූ පුද්ගලයන් සංඛ්‍යාව හා අත්අඩංගුවට ගත් පුද්ගලයන් සංඛ්‍යාව සම්බන්ධයෙන් වූ දත්තවල අඩුපාඩු පවතින බව දන්නේද;

(ii) එම ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පවරා ඇති පුද්ගලයන් සංඛ්‍යාව, එම එක් එක් පුද්ගලයාගේ නම හා සේවා ස්ථානය වෙන් වෙන් වශයෙන් කවරේද;

(iii) මේ වනවිට එම පුද්ගලයන්ට ඔවුන්ගේ සේවා ආයතන විසින් අඩ වැටුප් හා වෙනත් දීමනා ගෙවන බව දන්නේද;

(iv) පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-10-06

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මහජන ආරක්ෂක

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks