පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
9/2023
ගරු චමින්ද විජේසිරි මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ශ්‍රී ලංකාවේ අටවැනි විධායක ජනාධිපතිවරයාට මේ වනවිට සිටින උපදේශකවරුන් සංඛ්‍යාව කොපමණද;
(ii) ඔවුන්ගේ නම් කවරේද;
(iii) එම එක් එක් උපදේශකවරයා විසින් උපදෙස් දෙනු ලබන විෂය ක්ෂේත්‍රය වෙන් වෙන් වශයෙන් කවරේද;
(iv) එම එක් එක් උපදේශකවරයාට ගෙවනු ලබන වැටුප් හා වෙනත් දීමනා වෙන් වෙන් වශයෙන් කවරේද;
(v) ඉහත සඳහන් උපදේශකවරුන් පත්කිරීමේදී අනුගමනය කරන ලද ක්‍රමවේදය හා සලකා බලන ලද නිර්ණායක වෙන් වෙන් වශයෙන් කවරේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-09-21
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
අග්‍රාමාත්‍යතුමා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
(අ) (i) 23යි. ඇමුණුම 01හි - I තීරුවේ දක්වා ඇත.
(ii) ඇමුණුම 01හි - II තීරුවේ දක්වා ඇත.
(iii) ඇමුණුම 01හි - II හා IV තීරුවල දක්වා ඇත.
ඇමුණුම 01 ඉදිරිපත් කරමි.
(iv) ඇමුණුම 02හි ඉදිරිපත් කරමි.
සමහර අය කිසිම ගෙවීමක්, දීමනාවක් ලබා නොගෙන කටයුතු කරනවා.
(v) ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) අනුව්‍යවස්ථාව අනුව එක් එක් ජනාධිපති උපදේශකවරයාගේ ආවේණික වූ ක්ෂේත්‍ර ප්‍රවීණතාව, වෘත්තීයමය පළපුරුද්ද හා ජ්‍යෙෂ්ඨත්වයද, ලබා ඇති අධ්‍යාපන හා වෘත්තීයමය සුදුසුකම්ද, අත්දැකීම් සම්භාරයද යන කරුණු මත මෙම පත් කිරීම් සිදු කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-11-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks