01

E   |     |  

 පිළිතුර ලබා දීමට ඇත 

0007/2023: Details of Presidential commission regarding bond scandal

7/2023

ගරු චමින්ද විජේසිරි මහතා,— මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති  අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)      යහපාලන රජය පැවති කාලයේ සිදුවූ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාවක් පිහිටුවනු ලැබු දිනය කවරේද;

             (ii)      එම කොමිෂන් සභාවේ සටහන් වූ සාක්ෂි සටහන්වලට අනුව එම ක්‍රියාව සම්බන්ධ සෘජුව හා වක්‍රව සම්බන්ධ බවට චෝදනා එල්ල වූ පුද්ගලයින් සංඛ්‍යාව කොපමණද;

(iii) එසේ නම් එම පුද්ගලයින්ගේ නම් හා තනතුරු නාම කවරේද;

(iv) එම පුද්ගලයින්ට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

අසන ලද දිනය

2023-09-07

අසන ලද්දේ

ගරු චමින්ද වි‍ජේසිරි මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

4 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks