පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
2/2023
ගරු චමින්ද විජේසිරි මහතා,— මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) වර්ෂ 2015 - 2019 “යහපාලන රජය” සමයේ ශ්‍රී ලංකා මහ බැංකු වංචාව සිදු වූ බව දන්නේද;
(ii) එම වංචාව හේතුවෙන් සිදු වී ඇති මූල්‍යමය අලාභය කොපමණද;
(iii) එම මුදල නැවත අයකර ගැනීමට අවශ්‍ය කටයුතු මේ වනවිට සිදු කර තිබේද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) එම වංචාවට සම්බන්ධ බවට චෝදනා එල්ලවී ඇති පුද්ගලයන්ගේ නම් කවරේද;
(ii) ඔවුන්ට එරෙහිව ගෙන ඇති නීතිමය ක්‍රියාමාර්ග කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2023-03-09
අසන ලද්දේ
ගරු චමින්ද විජේසිරි මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
4 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :
* Answer tabled:
(අ) (i) මේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු වෙමින් පවතී.
(ii) ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා වී ඇති මූල්‍ය අලාභය පහත පරිදි වේ. එනම්, සීමාසහිත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් රුපියල් 78,109,050.69ක් මහ බැංකු අරමුදල් වියදමින් සහ සේවක අර්ථසාධක අරමුදලේ වියදමින් රුපියල් 6,989,277,943.63කි.
(iii) ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අලාභය අයකර ගැනීම සඳහා පහත සඳහන් මුදල් අයකර ගැනීමේ නඩු, කොළඹ දිසා අධිකරණය් ගොනු කර ඇත.
(ආ) (i) විත්තිකරුවන්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් නඩු පවරා ඇත.
(ii) විත්තිකරුවන්ට එරෙහිව නීතිපති දෙපාර්තමේන්තුව විසින් පහත සඳහන් නඩු අංක යටතේ අධිචෝදනා ගොනු කර ඇත.
(ඇ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2023-04-27
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks