පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-12-09
අසන ලද්දේ
ගරු උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
නාගරික සංවර්ධන හා නිවාස
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටා ඇති රජයේ ආයතනවල සේවය කරනු ලබන රජයේ නිලධාරින් සඳහා සහනදායී කුලී පදනම මත නිවාස ලබා දීම ඔවුන්ට විශාල සහනයක් වන බව පිළිගත යුතු කරුණක් වේ.
(ii) නාගරික සංවර්ධන අධිකාරියේ තොරතුරු අනුව, කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටා ඇති රජයේ ආයතනවල සේවය කරනු ලබන රජයේ නිලධාරින් සඳහා වන නිවාස අවශ්‍යතා හඳුනාගනිමින් ඒ සඳහා අවශ්‍ය නිවාස ඉදි කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය පවා නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලබාගෙන ඇත. නමුත්, එම ව්‍යාපෘති ඉදි කිරීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන නොමැති වීමත් ප්‍රමුඛතාව ලබා දිය යුතු සංවර්ධන යෝජනා ක්‍රම කෙරෙහි මූලික අවධානය යොමු කිරීමත් නිසා මේ වන විට යෝජිතව තිබූ එවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අත්හිටුවා ඇත. කෙසේ නමුත් එම ව්‍යාපෘති කරගෙන යෑමට මූල්‍යමය ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය විසින් ඉදිරියේ දී ලබා දෙන ප්‍රමුඛතාව අනුව, සැලසුම් කර ඇති ව්‍යාපෘති සිදු කරගෙන යෑමට හැකියාව පවතී.
එමෙන්ම ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු අනුව, ඍජුවම රාජ්‍ය සේවකයන් සඳහා කුලී පදනමින් නිවාස ලබා දීම අරමුණු කරගෙන නිවාස ව්‍යාපෘතියක් දැනට ක්‍රියාවට නංවා නොමැත. නමුත්, මධ්‍යම ආදායම්ලාභින් සඳහා සැලසුම් කරන ලද නිවාස ව්‍යාපෘතිවලින් රාජ්‍ය සේවකයන් සඳහාත් නිවාස මිල දී ගැනීමේ හැකියාව පවතී.
තවද, දීර්ඝ කාලයක් තිස්සේ කුලියට සිටින ස්ථිර නිවසක් නොමැති අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස ලබා දීමේ අරමුණින් කුලී සින්න නිවාස වැඩසටහන දිවයිනම ආවරණය වන ආකාරයට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
(iii) නාගරික සංවර්ධන අධිකාරියේ තොරතුරු අනුව, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා කුලී නිවාස ව්‍යාපෘති යෝජනා ක්‍රමයක් මේ වන විට සැලසුම් කර නොමැති නමුත් එවැනි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව මේ වන විට හඳුනාගෙන ඇති අතර ඉදිරියේදී ඒ පිළිබඳ අවධානය යොමු කර අවශ්‍යතාව පරිදි නිවාස යෝජනා ක්‍රම සැලසුම් කිරීමට ක්‍රියා මාර්ග ගත හැකි වේ.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ තොරතුරු අනුව, ගම්පහ දිස්ත්‍රික්කයේ පෙර විකුණුම් ක්‍රමවේදය යටතේ රන්පොකුණුගම, වැරැල්ලවත්ත හා වැවේගොඩැල්ලවත්ත ව්‍යාපෘති ක්‍රියාවට නංවා ඇති අතර, දැනටමත් ඒවායේ ඉදිකිරීම් ආරම්භ කර ඇත. නමුත් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද 2022.04.26 දිනැති 03/2022 චක්‍රලේඛයේ විධිවිධාන අනුව එම ඉදිකිරීම් තාවකාලිකව නවතා ඇත. එසේම කටාන, සීදූව, අම්බලමුල්ල ව්‍යාපෘතිය කුලී සින්න නිවාස ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු තේනුක විදානගමගේ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks