01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

3852/2022: කොලොන්නාව, සිද්ධාර්ථ විද්‍යාලයේ ක්‍රීඩාංගණය: ප්‍රතිසංස්කරණය

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු එස්. එම්. මරික්කාර් මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)           (i)      ඔව්.

              (ii)      2019 වර්ෂයේ දී කානු පද්ධතිය ඉදිකිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කළ අතර, ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා වූ කාර්යය ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව හා සම්බන්ධව ඔවුන්ගේ උපදේශනය යටතේ සිදු කිරීමට සිදු වීම.

                        (අදාළ ප්‍රදේශය පහත්බිම් ප්‍රදේශයක් වන බැවින් මේ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කිරීම හා මූලික සැලසුම සකස් කිරීම 2017 වර්ෂ‍යේ සිටම සිදුව ඇත.)

2019 වර්ෂයේ දී කානු පද්ධතිය ඉදි කළ ද 2020 වර්ෂයේදී රට තුළ පැවති වසංගත තත්ත්වය හේතුවෙන් ව්‍යාපෘති ක්‍රියාත්මක නොවීම තුළ ක්‍රීඩා පිටියේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන පළාත් සභාවෙන් වෙන් නොවීම.

2021 වර්ෂයේ දී මෙම පාසල නව ජාතික පාසලක් ලෙස නම් කිරීම තුළ පළාත් සභා ප්‍රතිපාදන වෙන් නොවීම යන හේතු මත මෙම කටයුතු ප්‍රමාද වී ඇත.

(iii) මේ සඳහා 2019 ඇස්තමේන්තු අනුව රුපියල් මිලියන 84ක් අවශ්‍යව පැවතිණි. නමුත් මේ වන විට එම ඇස්තමේන්තු නව මිල ගණන් යටතේ සංශෝධනය කළ යුතු වන අතර, ඒ අනුව ඇස්තමේන්තු මුදල තවදුරටත් ඉහළ යනු ඇත.

‍ කෙසේ වෙතත්, මෙය සිසුන් සඳහා භාවිතයට ගතහැකි මට්ටමට සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමට මෙම අවස්ථාවේ නොහැකි බැවින්, ඉදිරියේදී ප්‍රතිපාදන ලැබෙන පරිදි ප්‍රමුඛතාව අනුව මෙය සංවර්ධනය කළ හැකිය.

 

(ආ) අදාළ නොවේ.

 

 

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks