01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

3662/2022: තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව: විස්තර

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු යදාමිණී ගුණවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

තාක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

                        ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පරිගණක සාක්ෂරතාව හා ඩිජිටල් සාක්ෂරතාව සඳහා නිර්වචනයන් සකස් කර ඇති අතර, එම නිර්වචන භාවිත කෙරේ.

              (ii)      (ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් පරිගණක සාක්ෂරතාව හා ඩිජිටල් සාක්ෂරතාව මෙසේ නිර්වචනය කර ඇත.)

පරිගණක සාක්ෂරතාව

වයස අවුරුදු 5 -69 අතර පුද්ගලයෙකුට තනිවම පරිගණකයක් භාවිත කළ හැකි නම් පරිගණක සාක්ෂරතාවෙන් යුත් පුද්ගලයෙකු ලෙස සැලකේ. නිදසුනක් වශයෙන් අවුරුදු 5ක දරුවෙකුට පරිගණක ක්‍රීඩාවක් කළ හැකි වුවද ඔහු/ඇය පරිගණක සාක්ෂරතාවයෙන් යුත් පුද්ගලයෙකු ලෙස සැලකේ.

ඩිජිටල් සාක්ෂරතාව ඇති පුද්ගලයා

වයස අවුරුදු 5-69 අතර පුද්ගලයෙකුට පරිගණකය, ලැප්ටොප්, ටැබ්ලට්, හෝ ස්මාර්ට් ජංගම දුරකථනය භාවිත කළ හැකි නම්, ඔහු/ඇය ඩිජිටල් සාක්ෂරතාවෙන් යුත් පුද්ගලයෙකු ලෙස සලකනු ලැබේ.

මූලාශය - ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව

(iii) අදාළ නොවේ.

(ආ) (i) ඔව්.

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රසිද්ධ කොට ඇති 2021 වර්ෂයේ අදාළ දත්ත වාර්තාව අනුව ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ජාතික මට්ටමින් සියයට 34.3ක් වන අතර, ඩිජිටල් සාක්ෂරතාව සියයට 57.2කි. මෙම පරිගණක හා ඩිජිටල් සාක්ෂරතා අගයන් පළාත් මට්ටමින් ද ලබා දිය හැකි ය.  එම වාර්තාව  සභාගත* කරමි.

  (ii) ඉදිරි සමීක්ෂණ/ සංගණනවලදී එකී දත්ත දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටමින් ප්‍රසිද්ධ කිරීමට ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධීකරණය කරනු ලැබේ.

(iii) ඔව්.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම සඳහා තාක්ෂණ අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති අතර, සමාජයේ ප්‍රමුඛ ක්ෂේත්‍රයන් ආවරණය වන පරිදි විවිධ මට්ටම්වලින් එම වැඩසටහන් ක්‍රියාත්මක වේ. "Lighting Digital" වැඩපිළිවෙළ යටතේ ශ්‍රී ලංකාවේ රජයේ සේවකයන්, ආබාධ සහිත පුද්ගලයන්, කාන්තාවන්, ග්‍රාමීය ප්‍රජාව, පාසල් සිසුන් ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන එම වැඩසටහන් තුළින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වේ.

(iv) අදාළ නොවේ.

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2023-02-20

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කනක හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks