01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

3578/2022: ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ආයතනය ඛනිජ තෙල් සංස්ථාවට ගෙවීමට ඇති හිඟ මුදල: විස්තර

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු (වෛද්‍ය) කවින්ද හේෂාන් ජයවර්ධන මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      2022.10.31 දිනට සීමාසහිත ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ආයතනය විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති හිඟ මුදල රුපියල් බිලියන 110.6ක් වේ. එම මුදල එක් එක් වර්ෂය අනුව පහත පරිදි බෙදී ගොස් ඇත.

වර්ෂය

හිඟ මුදල (රු. මිලියන)

පොලිය හා වෙනත් (රු. මිලියන)

හිඟ මුළු මුදල  (රු. මිලියන)

2019

9,580.04

702.55

10,282.59

2020

20,056.00

4,227.56

24,283.56

2021

30,878.14

6,330.06

37,208.20

2022

30,880.33

7,919.07

38,799.40

 

91,394.51

19,179.24

110,573.75

 

(ii) අ.  අදාළ රේඛීය අමාත්‍යාංශය හරහා හිඟ ණය මුදල් පියවන ලෙස සීමාසහිත ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ආයතනය වෙත නිරන්තර අවධානය යොමු කිරීමට පියවර ගැනීම.

ආ. පවත්නා හිඟ ණය මුදල් ප්‍රමාණනය කර, එම ණය මුදල් සීමාසහිත ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ආයතනය මඟින් අය කර ගැනීම සඳහා සැලසුම් සකස් කර, එම සැලසුම්වලට අනුව, හිඟ ණය මුදල් අය කර ගැනීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත උපදෙස් දී ඇති අතර, ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම හිඟ ණය මුදල් අය කර ගැනීමට නිරන්තර සාකච්ඡා හා ලිපි මඟින් දැනුවත් කිරීම් සිදු කිරීම.

ඇ. තවද, හිඟ ණය ප්‍රමාණය ඉහළ යෑම වළක්වා ගනු පිණිස සීමාසහිත ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ආයතනය වෙත පිරිනමා ඇති අනුමත ණය සීමාව ඉක්මවා නොයන පරිදි එවන් අවස්ථාවලදී අත්පිට මුදලට පමණක් ඉන්ධන නිකුත් කිරීමට කටයුතු කිරීම.

ඈ. ඒ අනුව, 2022 පෙබරවාරි මාසයේ සිට මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 බැගින් හිඟ මුදල් ගෙවන ලෙස සීමාසහිත ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ආයතනයෙන් ඉල්ලීම හා එම ක්‍රමවේදයට අනුව, 2022 මාර්තු මාසයේ සිට 2022 ජුනි මාසය දක්වා මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 10 බැගින් හිඟ මුදල් ගෙවා ඇත. නමුත්, ජූලි හා අගෝස්තු මාසවලදී එම හිඟ මුදල් ගෙවීමට ශ්‍රීලන්කන් එයාර්ලයින්ස් ආයතනය අපොහොසත් විය. 

එසේ වුවද, 2022 සැප්තැම්බර් මස සිට නැවත හිඟ මුදල් ගෙවීම් ආරම්භ කර ඇත.

ඒ අනුව, ඉහත දැක්වූ පරිදි අමාත්‍යාංශයේ මැදිහත්වීම මත 2022 මාර්තු මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා හිඟ මුදලින් රුපියල් බිලියන 30.7ක මුදලක් අයකර ගැනීමට හැකියාව ලැබී ඇත.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks