01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

3370/2022: උතුරු පළාත සඳහා ගුණාත්මක ප්‍රවාහන සේවාවක් සැපයීම: ක්‍රියාමාර්ග

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු චාල්ස් නිර්මලනාදන් මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      උතුරු පළාතේ පිහිටි ශ්‍රී ලංගම ඩිපෝ හත බැඟින් දිනකට බස් රථ 212ක් ධාවනය කෙරේ. මෙමඟින් දිනකට කිලෝමිටර 62,950ක දුරක් ආවරණය කෙරෙන අතර, වර්තමාන ආර්ථික අර්බුදය හමුවේ වුවද උතුරු පළාතේ මහජනතාව වෙත ගුණාත්මක සේවයක් සැපයීම සඳහා දිනකට උපරිම බස් රථ ප්‍රමාණයක් ධාවනය කරවීමටත් එම බස් රථ තුළින් උපරිම කිලෝමීටර ප්‍රමාණයක් ආවරණය කිරීමටත් කටයුතු කර ඇත.

              (ii)      කාර්යාල වේලාවන් තුළ අවශ්‍යතාව පරිදි බස් රථ යොදවා ඇති අතර, සිසුසැරිය සේවා සඳහා දිනකට බස් රථ 50ක් පමණ යොදවා ඇත. තවද, අදාළ ගැටලු පවතින ස්ථාන නිශ්චිතව සඳහන් ‍කළහොත් ඊට පිළියම් යෙදිය හැක.

(iii) නැත. මේ වන තෙක් ප්‍රවාහන සේවා නොමැති බවට පැමිණිලි හෝ දැනුවත් කිරීම් සිදුව නැත.

 

(ආ) ඔව්. ප්‍රවාහන සේවා පිළිබඳව පැමිණිලි හෝ දැනුවත් කිරීම් ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා දැනට පවතින බස් රථ හා සේවක සංඛ්‍යාව මත පදනම්ව සේවාව පුළුල් කළ හැකිය. ඉදිරියේදී යෝජිත පරිදි නව බස් රථ මිලදී ගැනීම හා සේවක පුරප්පාඩු පිරවීම තුළින් උතුරු ප‍ළාතේ මහජනතාව වෙත සපයනු ලබන සේවාවේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය.

 

 

(ඇ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks