01

E   |     |  

 දිනය: 2012-11-24   පිළිතුර ලබා දී ඇත 

1942/2012: කඩදාසි සහ සීනි කර්මාන්තශාලා විකිණීමේ සැලැස්ම : විස්තර

1942/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)       ඇඹිලිපිටිය කඩදාසි කම්හල සහ කන්තලේ පිහිටා ඇති සීනි කර්මාන්තශාලාව විදේශීය සමාගම් කිහිපයකට විකුණාදැමීමේ සැලසුමක් පවතින බව එතුමා දන්නෙහිද?

(ආ)        (i)       එසේ නම්, එම ආයතන දෙක විකිණීමට අපේක්‍ෂා කරන සමාගම්වල නම් සහ එම සමාගම් අයත් රටවල්වල නම් වෙන් වෙන් වශයෙන් කවරේද;

(ii) එම ආයතන අලෙවිකිරීමේ දී මිල ගණන් කැඳවීමක් සිදුකරනු ලැබුවේද;

(iii) එසේ නම්, ඒ සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන ලද සමාගම් සහ ඒවා අයත් රටවල නම් කවරේද;

(iv) එම එක් එක් ආයතනය ඉදිරිපත් කරන ලද මිල ගණන් වෙන් වෙන් වශයෙන් කවරේද;

(v) එම ආයතන විකිණීම මගින් රජය අපේක්‍ෂා කරන මුළු ආදායම කොපමණද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) ඉහත ආයතන විකිණීම, රාජ්‍ය ආයතන විකුණා නොදමන බවට මහින්ද චින්තනයේ සඳහන් ප්‍රකාශයට පටහැනි බව එතුමා පිළිගන්නෙහිද?

(ඈ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-24

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය සම්පත් සහ ව්‍යවසාය සංවර්ධන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු දයාශ්‍රිත තිසේරා මහතා (රාජ්‍ය සම්පත් හා ව්‍යවසාය සංවර්ධන  අමාත්‍යතුමා)

(மாண்புமிகு தயாசிறித திசேரா - அரச வளங்கள், தொழில் முயற்சி அபிவிருத்தி அமைச்சர்)

(The Hon. Dayasritha Thissera - Minister of State Resources and Enterprise Development)

ගරු කථානායකතුමනි, මා එම ප්‍රශ්නයට අදාළ පිළිතුර සභාගත* කරනවා.

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை :

* Answer tabled:

 

(අ)       ඇඹිලිපිටිය කඩදාසි කම්හල හෝ කන්තලේ සීනි කර්මාන්තායතන යන ආයතන විදේශ සමාගම් වෙත විකිණීමේ සැලැස්මක් නැත. ඉහත ආයතන දෙකද ඇතුළත්ව රජය සතු පාඩු ලබන හෝ වසා දමා ඇති රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ රජයේ ප්‍රතිපත්තිය යටතේ, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත තෝරා ගන්නා ලද ආයෝජකයෙකු වෙත ඉහත ඇඹිලිපිටිය කඩදාසි කම්හල පමණක් ආයතනය සංවර්ධනය සඳහා කළමනාකාරිත්වය භාර දී ඇත.

(ආ) (i) ඉහත (අ) අනුව අදාළ නොවේ.

(ii) ඉහත (අ) අනුව අදාළ නොවේ.

(iii) ඉහත (අ) අනුව අදාළ නොවේ.

(iv) ඉහත (අ) අනුව අදාළ නොවේ.

(v) ඉහත (අ) අනුව අදාළ නොවේ.

(ඇ) පාඩු ලබන හෝ වසා දමා ඇති රාජ්‍ය ව්‍යාපාර ලාභ ලබන තත්ත්වයට පත් කිරීම මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් අංගයක් බැවින් ඉහත සඳහන් ඇඹිලිපිටිය කඩදාසි කම්හල සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අප අමාත්‍යාංශය විසින් ගෙන ඇති ක්‍රියා මාර්ගය මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයට පටහැනි නොවන අතර අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි එම ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කිරීමකි.

(ඈ) ඉහත (ඇ) අනුව ‍අදාළ නොවේ.

 

 

 

පිළිතුරු දුන් දිනය

2012-11-24

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ගරු දයාශ්‍රිත තිසේරා මහතා, පා.ම., මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks