01

E   |     |  

 දිනය: 2012-11-23   පිළිතුර ලබා දී ඇත 

1941/2012: අලපලාදෙණිය ප්‍රාදේශීය තේ ව්‍යාප්ති මධ්‍යස්ථානය : ප්‍රතිසංස්කරණය

1941/’11

 

ගරු බුද්ධික පතිරණ මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)          (i)       මාතර දිස්ත්‍රික්කයේ, අකුරැස්ස ප්‍රදේශයේ පිහිටි අලපලාදෙණිය ප්‍රාදේශීය තේ ව්‍යාප්ති මධ්‍යස්ථානයට අයත් ගොඩනැගිලි සහ තේ වගා කරන ලද භූමිය භාවිතයට නොගෙන අත්හැර දැමීම හේතුවෙන් වල්බිහි වෙමින් පවතින බවත්;

  (ii) මෙම මධ්‍යස්ථානය ප්‍රයෝජනයට නොගෙන අත්හැර දමා තිබීම ජාතික අපරාධයක් බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) (i) අලපලාදෙණිය ප්‍රාදේශීය තේ ව්‍යාප්ති මධ්‍යස්ථානය අතහැර දැමීමට හේතු කවරේද;

  (ii) එම මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කර ඒ තුළින් ප්‍රදේශයේ තේ වගාකරුවන්ගේ ක්‍ෂේත්‍ර ගැටලු සඳහා උපදෙස් සලසාදීමට කටයුතු කරන්නේද;

(iii) ඊට අවශ්‍ය  ප්‍රතිපාදන වෙන්කර තිබේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-11-23

අසන ලද්දේ

ගරු බුද්ධික පතිරණ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      නැත.

                        අලපලාදෙණිය ව්‍යාප්ති මධ්‍යස්ථානයට අනුයුක්තව සහකාර ප්‍රාදේශීය කළමනාකරු (ව්‍යාප්ති) සේවය කරනු ලබයි. කොටපල ස්ථානභාර නිලධාරිගේ හා කළුබෝවිටියාන තේ පරීක්ෂක ව්‍යාප්ති නිලධාරිගේ කාර්යාලද මෙම ස්ථානයේම පවත්වා ගෙන යනු ලැබේ. ව්‍යාප්ති මධ්‍යස්ථානයට අයත් තේ වගාව විධිමත් පරිදි ලාභදායී තත්ත්වයෙන් පවත්වා ගෙන යනු ලැබේ. ව්‍යාප්ති මධ්‍යස්ථානයේ කාර්යාල ගොඩනැඟිල්ලක් සහ නිල නිවාස 03ක් ඇති අතර, කාර්යාල ගොඩනැඟිල්ල සහ නිල නිවාස දෙකක් භාවිතයට ගනු ලැබේ. එක් නිල නිවාසයක් අලුත්වැඩියාව සඳහා 2014 වර්ෂයට ප්‍රතිපාදන වෙන් කර ගැනීමට කටයුතු කරනු ලැබේ.

(ii) මෙම මධ්‍යස්ථානය අතහැර දමා නොමැති අතර ඉහත (අ) (i) යටතේ දක්වා ඇති පරිදි ප්‍රයෝජනයට ගනී.

(ආ) (i) අදාළ නොවේ.

(ii) ඔව්.

ප්‍රදේශයේ තේ වගාකරුවන්ට පුහුණු වැඩසටහන් මෙම මධ්‍යස්ථානය තුළ පවත්වා ගෙන යන අතර, වගා කරුවන්ගේ ක්ෂේත්‍ර ගැටලු සඳහා උපදෙස් ලබා දීම සිදු කරනු ලැබේ. එමෙන්ම ව්‍යාප්ති මධ්‍යස්ථානයේ තේ වගාව උපයෝගී කරගෙන ගොවීන්ට ප්‍රායෝගික පුහුණුව ලබා දීමද සිදු කරනු ලැබේ.

(iii) ඔව්.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2013-12-12

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද සමරසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks