01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

3318/2022: වතු සමාගම් සතු වගා නොකරන ලද ඉඩම්: ප්‍රමාණය

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු මුදිතා ප්‍රිශාන්ති මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

වැවිලි කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      ඔව්.

              (ii)      මහා පරිමාණ වතුයායන්වල පිහිටීම අනුව සමහර වතු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකටත් සමහර අවස්ථාවල දිස්ත්‍රික්ක හෝ පළාත් කිහිපයකටත් අයත් වීම සිදුවන බැවින් නිශ්චිතවම තොරතුරු ලබා ගැනීම අපහසුය. 2022 වර්ෂය වනවිට මෙම ඉඩම්වලින් කොටසක් විවිධ වගාවන් සඳහා යොදාගෙන තිබිය හැකි බැවින් මෙහි සඳහන් තොරතුරු ද වෙනස් වීමේ ඉඩකඩක් පවතී.

 

 

පළාත

විවිධ ව්‍යාපෘතිවලට වෙන් කිරීමට හඳුනාගෙන ඇති හා දැනට වගා නොකරන ලද ඉඩම් ප්‍රමාණය (හෙක්ටෙයාර)

1

සබරගමුව

2998.98

2

මධ්‍යම

901.07

3

දකුණ

1041.46

4

බස්නාහිර

2308.14

5

ඌව

1994.63

 

එකතුව

9244.28

  (iii) ඔව්. එම ඉඩම්වලින් යම් ප්‍රමාණයක් විවිධ වගා ව්‍යාපෘතිවලට වෙන් කිරීමට හඳුනාගෙන ඇති බව වැවිලි අමාත්‍යාංශය වෙත දන්වා ඇත.

(iv)

දිස්ත්‍රික්කය

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය

නැවත වගාව සඳහා අතහැර ඇති හා විවිධ වගා ව්‍යාපෘති සඳහා වෙන් කර ඇති දැනට වගාවකින් තොර (හෙක්ටෙයාර)

  රත්නපුර

ගොඩකවෙල

40.50

 

වැලිගෙපොල

70.06

 

ඕපනායක

50.57

 

(v) වර්තමානයේ උද්ගත වෙමින් පවතින ආහාර අර්බුදයට පිළියමක් වශයෙන් සියලුම රජයේ හා පෞද්ගලික වැවිලි සමාගම් වෙත බදු දී ඇති රජයේ ඉඩම්වල ඌන උපයෝජිත භූමියෙහි කෙටිකාලීන ආහාර භෝග වගා කිරීම සඳහා අතිගරු ජනාධිපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් 2022.06.03 දිනැති වූ සාකච්ඡාවක් පවත්වා ලබා දී ඇති උපදෙස් අනුව වැවිලි සමාගම්වලට අයත් වතුවල කෙටිකාලීන භෝග වගා කිරීමේ ව්‍යාපෘති මේ වන විට ආරම්භ කර ඇති අතර ඔවුන් විසින් විවිධ ක්‍රමවේදයන් යටතේ මෙම වගා ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව,

වැවිලි සමාගම විසින්

වැවිලි සමාගම හා වතු සේවකයන්ගේ දායකත්වයෙන්

බාහිර පාර්ශ්වවල දායකත්වයෙන් මෙම වගා කටයුතු සිදු කරනු ලබයි. 

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks