පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-10-18
අසන ලද්දේ
ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.
අමාත්‍යාංශය
රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) තෝරාගත් පළාත් පාලන ආයතන 25ක ද්විතීයික නගර සංවර්ධනය කිරීමේ අරමුණින් 2017 වර්ෂයේ දී ආරම්භ කරන ලද ද්විතීයික නගර තිරසර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා යෝජිත ප්‍රාරම්භක පහසුකම් සැපයීම, ආසියානු සංවර්ධන බැංකුව මඟින් මුල්‍යනය කළ අතර, 2019.01.17 සිට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරන ලදී.
(ii) මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධන කටයුතු සිදු කිරීම සඳහා තංගල්ල නගර සභාව ඇතුළුව නාගරික පළාත් පාලන ආයතන 25ක මූලික කටයුතු සිදුකිරීම ආරම්භ කරන ලදී.
(iii) රජය විසින් ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණයක් මත, විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් 2020.07.28 වන දින මෙම ව්‍යාපෘතිය ව්‍යාපෘති ලැයිස්තුවෙන් ඉවත් කර ඇති බව දැනුම් දුන් බැවින් එදින සිට ව්‍යාපෘතියේ කටයුතු අත්හිටුවීමට සිදු විය. (ඇමුණුමෙහි ** දැක්වේ.)
(ආ) දැනටමත් මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය අංක 22/0495/307/006 හා 2022.03.29 දිනැති කැබිනට් තීරණය මඟින් ලබා දී ඇති බැවින්, මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බව දැන්වීමට කැමැත්තෙමි.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-10-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ජානක වක්කුඹුර මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks