01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

3267/2022: තංගල්ල ප්‍රා.ලේ. කොට්ඨාශයේ "යායවත්ත" ඉඩම කොටස් කිරීම: විස්තර

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු දිලිප් වෙදආරච්චි මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අක්කර 76යි, රූඩ් 1යි, පර්චස් 30යි. (සුනාමි ව්‍යසනයෙන් පසු මහා භාරකාර මණ්ඩලයෙන් අත්පත් කරගත් කොටස)

              (ii)      1979 වර්ෂයේදී ගොනු කරන ලද නඩුවක් සම්බන්ධයෙන් වාර්තා නොමැත.

(ආ)         (i)      අත්පත් කරගත් ඉඩමෙන් හෙක්ටෙයාර 9.99ක් (අක්කර 24යි, පර්චස් 69ක්) නිවාස ව්‍යාපෘතිය සඳහා යොදා ගෙන ඇත.

(ii) නිවාස ව්‍යාපෘතියට වෙන් කර ඇති ඉඩමෙන් සුසාන භුමියක් සඳහා ඉඩම් කොටසක් පිඹුර අනුව වෙන්කර නැතත්, වර්තමානයේ නිවාස ව්‍යාපෘතියට වෙන් කර ඇති කොටසට පරිබාහිරව "යායවත්ත" ඉඩමෙන් කොටසක් සුසාන භූමිය ලෙස භාවිත කරනු ලබයි.

(iii) නිවාස ව්‍යාපෘතියට වෙන් කර ඇති ඉඩමෙන් සුසාන භූමියක් සඳහා ඉඩම් කොටසක් පිඹුර අනුව වෙන් කර නොමැත.

(ඇ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks