පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-10-18
අසන ලද්දේ
ගරු මර්ජාන් ෆලීල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) මැණික් අපනයනය මත කිසිදු බද්දක් අය නොකරයි.
(ii) අය නොකරයි.
(2021 අංක 10 දරන පනත මඟින් සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදන අනුව මැණික් අපනයනයෙන් ලබන ආදායම, ආදායම් බද්දෙන් නිදහස් කර ඇත.)
කෙසේ වුවද, 2022 ඔක්තෝබර් 11 දිනැති ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කොට ඇති දේශීය ආදායම් (සංශෝධිත) පනත් කෙටුම්පත අනුව පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව අපනයනයෙන් උපයන ආදායම මත සියයට 30ක ආදායම් බද්දක් 2022 ඔක්තෝබර් 01 දින සිට අය කිරීමට නියමිතය.
(iii) 2021 අංක 10 දරන පනත මඟින් සංශෝධිත 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ ප්‍රතිපාදන අනුව මැණික් අපනයනයෙන් ලබන ආදායම, ආදායම් බද්දෙන් නිදහස් කර තිබුණි.
දැනට රටේ පවතින දුෂ්කර ආර්ථික තත්ත්වය හේතුවෙන් ඉහත සඳහන් දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පතේ විධිවිධාන අනුව පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව අපනයනයෙන් උපයන ආදායම මත සියයට 30ක ආදායම් බද්දක් සියලුම ක්ෂේත්‍ර සඳහා 2022 ඔක්තෝබර් 01 දින සිට අය කිරීමට නියමිතය.
(iv) · 2022 මාර්තු සිට ඇමෙරිකානු ඩොලර් 3,000 දක්වා වටිනාකමක් සහිත මැණික් පාර්සල් මාර්ගගත ක්‍රමවේදය යටතේ අපනයනය කිරීමට පහසුකම් සපයා ඇත. (ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට යෑමට අවශ්‍ය නොවේ) ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අනුමැතිය මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබාගෙන තැපෑල මඟින් අපනයනය කළ හැක.
· 2021 වසරේ සිට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් අය කරන සේවා ගාස්තුව සියයට 0.05 සිට සියයට 0.025ක් දක්වා සියයට 50කින් අඩු කර ඇත.
· හඳුනා ගන්නා ලද ප්‍රමුඛතා අපනයනකරුවන්ට (For premier exporters) ඇමෙරිකානු ඩොලර් මිලියන 05ක් දක්වා මැණික් පාර්සල් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මඟින් මාර්ගගත ක්‍රමය ඔස්සේ අනුමැතිය ලබාගෙන අපනයනය (hand-carry) කිරීමට වැඩ පිළිවෙළක් සකස් කර ඇත.
· 2023 ජනවාරි මස ශ්‍රී ලංකාව තුළ ජාත්‍යන්තර මැණික් ප්‍රදර්ශනයක් හා වෙළෙඳ පොළක් - international exhibition and trade fair - සංවිධානය කිරීමට අපේක්ෂා කෙරේ. තවද, ජාත්‍යන්තර මැණික් වෙන්දේසියක් - international gem auction - ආරම්භ කිරීමට නියමිතයි. එහි ආරම්භක වෙන්දේසිය විදේශිකයින් සඳහා ඔක්තෝබර් මස 20වන දින පැවැත්වීමට නියමිතයි.
· විදේශ රටවල පැවැත්වෙන මැණික් වෙළෙඳ හා අළෙවි ප්‍රදර්ශනවලට තානාපති කාර්යාල හරහා තොරතුරු ලබාගෙන ඒ සඳහා සහභාගි වීමට පහසුකම් සැපයීමට අපේක්ෂා කරයි.
(ආ) පැන නොනඟී.
පිළිතුරු දුන් දිනය
2022-10-18
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks