01

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

3234/2022: රාජ්‍ය සේවයට බඳවා ගත් උපාධිධාරී අභ්‍යාසලාභීන්: හිඟ වැටුප්

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු ඉම්රාන් මහරූෆ් මහතා, පා.ම.

අමාත්‍යාංශය

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)       2021.01.01 දින සිට සංවර්ධන නිලධාරි සේවයේ III ශ්‍රේණියට පත් කරන ලදී.

             (iii)       I   -  2019.08.01 සිට 2020.08.01 දක්වා

                          II  -  2019.09.16 සිට 2020.09.16 දක්වා

             (iv)       මෙම පත්වීම් ලිපි 2021.03.15 දිනැතිව නිකුත් කරන ලද්දේ 2021.04.01 දින සිට පත්වීම් ලබා‍ගත හැකි වන පරිදිය.  2021.01.01 දින සිට සංවර්ධන නිලධාරි සේවයේ III ශ්‍රේණියට පත් කර ඇත. ඒ අනුව පත්වීම පෙරදාතම කර තිබේ. ඒ අනුව පුහුණු කාලය තුළ සෑම මසකටම රු. 20,000ක අභ්‍යාසලාභී දීමනාව ලබා දුන් අතර, ස්ථිර පත්වීම් ලබා දුන් පසු  සංවර්ධන නිලධාරි III ශ්‍රේණියේ වැටුප ලබා දෙන ලදී. 2021 ජනවාරි, පෙබරවාරි හා මාර්තු මාසවලට අදාළ හිඟ වැටුප ලෙස අභ්‍යාසලාභී පුහුණු දීමනාව සහ සංවර්ධන නිලධාරි සේවයේ III ශ්‍රේණියට නියමිත වැටුප අතර වෙනස ද ගෙවීමට කටයුතු කරනු ලැබීය.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු අශෝක ප්‍රියන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks