01

E   |     |  

 දිනය: 2022-10-18   පිළිතුර ලබා දී ඇත 

3231/2022: ජාතික පාසල් 1,000ක් ස්ථාපිත කිරීමේ වැඩසටහන: තෝරා ගත් පාසල්

----

අසන ලද දිනය

2022-10-18

අසන ලද්දේ

ගරු හර්ෂණ රාජකරුණා මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)       මේ වන විට ඉහත ව්‍යාපෘතිය යටතේ පාසල් 23ක් නිත්‍ය නියෝග නිකුත් කර ජාතික පාසල් බවට පත් කර ඇත.

                          පවත්නා ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගෙන දැනට ජාතික පාසල් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 125ට එක බැගින් පමණක් ජාතික පාසලක් ලබා දීමට තීරණය කර ඇත.     (මේ වර්ෂය තුළදී)

ඒ අනුව, දැනටමත් කිසිදු ජාතික පාසලක් නොමැති ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10ක් සඳහා පාසල් 10ක් ජාතික පාසල් බවට පරිවර්තනය කර ලබා දී ඇති අතර, ඉතිරි පාසල් 115 හඳුනා ගැනීමේ කටයුතු මේ දිනවල සිදු කරනු ලැබේ.

(ii) ජාතික පාසල් ලෙස උසස් කිරීමේ දී ස්ථාවර නියෝග පමණක් ලබා දෙන අතර, ගැසට් පත්‍රයේ පළ කිරීමක් සිදු නොකෙරේ.

ඒ අනුව, මේ වන විට ජාතික පාසල් ලෙස ස්ථාවර නියෝග ලබා දී ඇති පාසල් සංඛ්‍යාව 23කි. 

එම පාසල් මොනවාද කියලා ඇමුණුමෙහි සඳහන් වෙනවා. ගරු මන්ත්‍රීතුමා‍ගේ පරිශීලනය සඳහා මට එය  ලබා දීමට හැකියි.   

ඇමුණුම සභාගත* කරමි.

(iii) ජාතික පාසල් බවට පත් කිරීම ගැසට් පත්‍රයක පළ නොකරන අතර, ස්ථාවර නියෝග 50 මඟින් අදාළ පාර්ශ්ව දැනුවත් කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ජාතික පාසල් ශාඛාව මඟින් සිදු කරනු ලබයි.

(iv) ජාතික පාසල් සංවර්ධනය කිරීමේ වැඩසටහන සඳහා 2021 වර්ෂය සඳහා රුපියල් මිලියන 1,950ක් ප්‍රතිපාදන සලසා ඇත.

2022 වර්ෂය සඳහා අවශ්‍ය රුපියල් මිලියන 2,100ක ප්‍රතිපාදන වෙන් කර ඇත.

(v) ස්ථාවර නියෝග 50 නිකුත් කිරීම මඟින් අදහස් කරනුයේ එම පාසල් මධ්‍යම රජය වෙත පවරා ගත් බවය.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-10-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks