01

E   |     |  

 දිනය: 2022-10-18   පිළිතුර ලබා දී ඇත 

3220/2022: අපොස (උ/පෙළ) සමත් සිසුන්ට පිරිනමන විදේශ ශිෂ්‍යත්ව: විස්තර

----

අසන ලද දිනය

2022-10-18

අසන ලද්දේ

ගරු සුදත් මංජුල මහතා, පා.ම.

අමාත්‍යාංශය

අධ්‍යාපන

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සමත් වන සිසුන්හට විදේශීය ශිෂ්‍යත්ව සඳහා ඉල්ලුම් කිරීමට අවස්ථා ඇත.

              (ii)       ප්‍රථම උපාධිය හැදෑරීම වෙනුවෙන් විදේශීය රටවල් මඟින් ශිෂ්‍යත්ව සඳහා නාම යෝජනා ඉල්ලුම් කළ විට ඒ සම්බන්ධ තොරතුරු ප්‍රසිද්ධියට පත්කර අයදුම් පත් කැඳවයි. දැන් ඒ කටයුතු සිදු වන්නේ website එක මඟිනි.

  • මෙහිදී ලැබෙන ශිෂ්‍යත්ව සංඛ්‍යාව සහ නාම යෝජනා ඉදිරිපත් කිරීමට ඇති කාලය අනුව ප්‍රසිද්ධ පුවත් පත් දැන්වීම් මඟින් අයදුම් පත් කැඳවන අතර, ශිෂ්‍යත්ව සංඛ්‍යාව එකක් හෝ දෙකක් වැනි සංඛ්‍යාවක් සඳහා මෙන්ම කෙටි කාලයක් තුළ නාම යෝජනා ඉදිරිපත්                කිරීමට ඇති අවස්ථාවන්හිදී එම ශිෂ්‍යත්ව තොරතුරු අමාත්‍යාංශ වෙබ් අඩවිය වන www.mohe.gov.lk හරහා ප්‍රචාරණය කර අයදුම් පත් කැඳවීම සිදු කරයි. එසේ වුවත්, 2020 වර්ෂයේ කොරෝනා වසංගතය ආරම්භ වීමෙන් පසුව ලැබුණු ශිෂ්‍යත්ව අවස්ථා සඳහා අයදුම් පත් කැඳවීම බොහෝ විට සිදු කරන ලද්දේ අමාත්‍යාංශ වෙබ් අඩවිය හරහා ප්‍රසිද්ධ කිරීම තුළිනි.
  • මූලික සුදුසුකම් ලත් අයදුම්කරුවන් අතුරින් අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ප්‍රතිඵල මත - Z-score මත- ප්‍රමුඛතාගත කර ඉහළම ප්‍රතිඵල සහිත -ඉහළම Z-scores සහිත- අයදුම්කරුවන්ගේ උසස් පෙළ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවෙහි ප්‍රතිඵල ලේඛනයන්ට අනුව සනාථ කර ගැනීමෙන් හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මඟින් මෙරට විශ්වවිද්‍යාලයක ලියාපදිංචි නොවීම හෝ වීම තහවුරු කර ගැනීමෙන් අනතුරුව ශිෂ්‍යත්ව ප්‍රදානය කරනු ලබන ආයතනය වෙත නාම යෝජනා ඉදිරිපත් කරනු ලබයි.

(iii) වෛද්‍ය, ඉංජිනේරුවේදී, වාණිජවේදී, විද්‍යාවේදී, කලා සහ තාක්ෂණවේදය යන විෂය ක්ෂේත්‍ර සඳහා එම ශිෂ්‍යත්ව පිරිනමනු ලැබේ.

(iv) දැනට ශිෂ්‍යත්ව පිරිනමනු ලබන්නේ ඉන්දියාව, කියුබාව, වියට්නාමය, ජපානය, සර්බියාව, බෙලාරුසියාව යන රටවල් මඟිනි.

(v) 2015 සිට මේ දක්වා පිරිනමා ඇති ශිෂ්‍යත්ව සංඛ්‍යාව ඇමුණුමෙහි වෙන් වෙන් වශයෙන් සඳහන් කර ඇත.

ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට ඒ විස්තරය ලබා දෙන්න පුළුවන්.

2015 සිට මේ දක්වා විදේශීය ශිෂ්‍යත්ව අවස්ථා 1,515ක් ලැබී ඇති අතර, ඒ සඳහා නාම යෝජනා 1,500ක් ඉදිරිපත් කර ඇත. ඒ අනුව, මෙරට සිසුන් 929ක් සඳහා ප්‍රථම උපාධිය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව හිමි වී ඇත.  ඒ සියලු තොරතුරුද ඇමුණුමෙහි දක්වා ඇත.  ඇමුණුම සභාගත* කරමි.

මීට අමතරව, පශ්චාත් උපාධි සඳහා ලැබෙන ශිෂ්‍යත්ව රාජ්‍ය සේවකයන් සහ එසේ නොවන අයට ඒ ආකාරයෙන් දැන්වීම් පළ කරලා ලබා දීමට කටයුතු කර තිබෙනවා.

(ආ) අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-10-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks