පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-12-09
අසන ලද්දේ
ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ප්‍රවාහන හා මහාමාර්ග
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඉදිකිරීම් කටයුතු කිසිවක් ආරම්භ කර නොමැත.
(ii) ගරු අභියාචනාධිකරණයේ නඩු අංක 545/2021 සහ 546/2021 සඳහා 2021.02.21 දින නිකුත් කරන ලද අතුරු තහනම් නියෝගයට යටත්ව, අවම ලංසු ඉදිරිපත් කළ ආයෝජකයන් සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කළ සාකච්ඡා සම්මුති කමිටුව - Cabinet Appointed Negotiating Committee - සමඟ ගිවිසුම සම්බන්ධ සාකච්ඡාව අවසන් වූ පසුව තමයි ඒ පිළිබඳ දිනයක් ප්‍රකාශ කළ හැකි වන්නේ.
(iii) ඉහත පරිදි ගිවිසුම අත්සන් කර වසර තුනක් ඇතුළත.
(iv) ඉහත පරිදි ගිවිසුම අත්සන් කර වසර තුනක් ඇතුළත.
(ආ) (i) නව කැලණි පාලමේ සිට රාජගිරිය දක්වා ඉඩම් අත්පත් කර ගැනීමට අදාළව දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණය සහ බුත්ගමුව පාලන මධ්‍යස්ථානයට අදාළ භූමිය හැර අනෙක් කොටසේ මිනුම් කටයුතු අවසන් කර ඇත. දෙමටගොඩ දුම්රිය දෙපාර්තමේන්තු ක්‍රීඩාංගණය සහ බුත්ගමුව පාලන මධ්‍යස්ථානයට අදාළ භූමියේ මූලික මිනුම් කටයුතු අවසන් කර ඇත. රාජගිරිය සිට අතුරුගිරිය දක්වා කොටසේ මූලික මැනුම් කටයුතු අවසන් කර ඇත.
(ii) ඔව්. 2018 ඉඩම් අත්පත් කර ගැනීමේ (වන්දි ගෙවීම්) නියෝග අනුව වන්දි ගෙවීමට කටයුතු කිරීමට නියමිතය.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks