E   |     |  

 දිනය: 2022-10-18   පිළිතුර ලබා දී ඇත 

3206/2022: සූර්ය පියසි පැනල: විදුලිය ජනනය

----

අසන ලද දිනය

2022-10-18

අසන ලද්දේ

ගරු මිලාන් ජයතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      සූර්ය පියසි පැනල මඟින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය ලබා දෙන නිවාස සංඛ්‍යාව 33,898කි.

              (ii)     (1)      එම සූර්ය පියසි පැනල මඟින් වාර්ෂිකව උත්පාදනය කරනු ලබන විදුලි ඒකකවලින් කොටසක් මනුගත නොවී පරිභෝජනය කරන බැවින්, එම සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත දත්ත ඉදිරිපත් කිරීමට හැකියාවක් නොමැත.

(2) කෙසේ වුවද එම අගය දළ වශයෙන් කිලෝවොට් පැය මිලියන 84ක් පමණ වෙතැයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය විසින් ආසන්න වශයෙන් ගණන් බලා ඇත.

(iii) (1) එම සූර්ය පියසි පැනල මඟින් ජාතික විදුලිබල පද්ධතියට මසකට එකතු කරනු ලබන විදුලි ඒකක සංඛ්‍යාව ඒකක මිලියන 48ක් (සාමාන්‍ය අගය). එනම්, කිලෝවොට් පැය මිලියන 48කි.

(2) සූර්ය පියසි පැනල මඟින් උත්පාදනය                    වන විදුලි ඒකකවලින් කොටසක් පාරිභෝගිකයන් තමන්ගේ පරිශ්‍රය තුළම පාවිච්චි කරන බැවින්, ජාතික විදුලිබල පද්ධතියට එකතු වන විදුලි ප්‍රමාණය සූර්ය  පියසි පැනල මඟින් ජනනය කරන විදුලිය ප්‍රමාණයට වඩා අඩු වේ.

(iv) (1) ඔව්.

(2) ඉහත (iii) හි සඳහන් සූර්ය පියසි පැනල මඟින් වාර්ෂිකව පාරිභෝගිකයන් විසින් උත්පාදනය කරනු ලබන විදුලිය ඒකකයක් සඳහා ගෙවනු ලබන මුදල, මුල් අවුරුදු 07 සඳහා රුපියල් 22.00ක් බැගින් හා ඉතිරි අවුරුදු 13ට රුපියල් 15.50ක් බැගින් වේ.

(3) සූර්ය පැනල සහ අනෙකුත් උපාංගවල මිල ඉහළයාම සලකා බලා එකතු කරනු ලබන විදුලි ඒකකයන් සඳහා ගෙවනු ලබන මුදල වැඩි කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් අවශ්‍ය කටයුතු කරමින් සිටී.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-10-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු කංචන විජේසේකර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks