පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-12-09
අසන ලද්දේ
ගරු මයන්ත දිසානායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i)
|
දිස්ත්‍රික්කය |
නායයෑම් අධි අවදානම් නිවාස සංඛ්‍යාව |
|
මාතලේ |
1,279 |
|
නුවරඑළිය |
2,089 |
|
මහනුවර |
2,001 |
(ii) ඔව්.
නායයෑමේ අධි අවදානම හේතුවෙන් පදිංචි ස්ථානයෙන් ඉවත් කර වෙනත් සුරක්ෂිත ස්ථානයක පදිංචි කළ යුතු ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය විසින් හඳුනා ගන්නා ලද පවුල් එම සුරක්ෂිත ස්ථානයන්හි නව නිවාස ඉදිකර නැවත පදිංචි කරවීමේ වැඩසටහනක් අමප අංක 17/1216/715/017 හා 2017.06.27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය සහ අමප අංක 17/2340/715/017-I හා 2017.10.24 අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් ලබා දෙන ලද අනුමැතියන් අනුව 2017 වර්ෂයේදී ආරම්භ කර ඇත.
ඒ අනුව ආපදා කළමනාකරණ විෂය භාර අමාත්‍යාංශය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය හා ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය එක්ව මෙම වැඩසටහන බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කෑගල්ල, කළුතර, මාතර, රත්නපුර, හම්බන්තොට, ගාල්ල, කොළඹ, ගම්පහ, කුරුණෑගල හා මොණරාගල යන දිස්ත්‍රික්කයන්හි දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ හා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කරමින් ඇත.
(iii) 2017 වර්ෂයේ සිට 2021 වර්ෂයේ මැද භාගය දක්වා ඉඩමක් මිලදී ගැනීම සඳහා ලබා දුන් රුපියල් මිලියන 0.4ක මුදල සහ එම ඉඩමෙහි නිවසක් ඉදිකිරීම සඳහා ලබා දුන් රුපියල් මිලියන 1.2ක මුදල එම කාර්යයන් සඳහා ප්‍රමාණවත් විය. නමුත්, රට තුළ පවතින වර්තමාන ආර්ථික හා සමාජයීය තත්ත්වය තුළ ගොඩනැඟිලි ඉදිකිරීම් ද්‍රව්‍ය, උපකරණ හා කම්කරු කුලී ගාස්තු ආදියේ වෙළෙඳ පොළ පිරිවැය ඉහළ යෑම මත වෙන්කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බව නිරීක්ෂණය වේ.
මේ පිළිබඳව අධ්‍යයනයක් සිදු කොට, ඒ අනුව අවශ්‍ය ඉදිරි පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීමට ආපදා කළමනාකරණ අංශයට අයත් සියලුම ආයතන නියෝජනය වන පරිදි කමිටුවක් පත්කොට කටයුතු සිදු කරමින් පවතී.
තවද, මෙම අභියෝග මඟහරවා ගැනීම සඳහා සාම්ප්‍රදායික ක්‍රමෝපායයන්ගෙන් බැහැරව පිරිවැය ඵලදායී විකල්ප නිවාස ඉදිකිරීමට හා නැවත පදිංචි කරවීමේදී පවතින ඉඩම් හිඟතාව මඟහරවා ගැනීමට මහල් නිවාස ඉදිකිරීම වැනි ව්‍යාපෘති සඳහා අවධානය යොමු වී ඇත.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks