පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-11-08
අසන ලද්දේ
ගරු ඩබ්ලිව්. එච්. එම්. ධර්මසේන මහතා, පා.ම.
අමාත්‍යාංශය
වරාය, නාවික හා ගුවන් සේවා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය - JICA.
(iii) ඔව්.
මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු නතර වී ඇත්තේ මෙම ව්‍යාපෘතිය සඳහා සහන ණය මුදල් සැපයූ ජපන් සහයෝගිතා පදනම - JICA - මෙම ව්‍යාපෘතිය සඳහා තවදුරටත් ණය මුදල් ලබා දීම අත්හිටුවා ඇති නිසාවෙනි. එසේ අත්හිටුවීමට හේතුව වශයෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ 2022 අප්‍රේල් මස 12 වන දින නිවේදනය අනුව විදේශ ණය වාරික ගෙවීම අත්හිටුවන ලද බැවිනි. එකී නිවේදනය අනුව JICA ආයතනය හා ශ්‍රී ලංකා ආණ්ඩුව අතර ඇති කර ගන්නා ලද ණය ලබා දීමේ ගිවිසුම අනුව ණය ගෙවීම පැහැර හැරීමක් සිදු කර ඇති බවට JICA ආයතනය නිගමනය කර ඇත. මේ අනුව ව්‍යාපෘතිය පවත්වාගෙන යාම සඳහා දැනට ණය ගිවිසුම ප්‍රකාර කිසිදු මුදලක් ලබා දිය නොහැකි බවත්, මෙම තත්ත්වය නිවැරදි කර ණය ගෙවීම සඳහා හැකි වන පරිදි වාතාවරණය සකස් කර ගන්නා තෙක් මෙම ණය ගිවිසුම යටතේ මුදල් ලබා දීම කළ නොහැකි බව දන්වා ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා රජය JICA ආයතනයට ගෙවිය යුතු ණය ගෙවීම සඳහා සිය හැකියාව පෙන්වා දුන් විට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබා දිය හැකි බවද JICA ආයතනය පෙන්වා දී ඇත. දැනට ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මෙන්ම ණය හිමියන් සමඟ පවත්වනු ලබන සාකච්ඡා නිමාවට පත්ව ණය ප්‍රතිව්‍යුහගත කළ වහාම පුම්‍රඛතා පදනමක් මත JICA ආයතනයෙන් මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන ලබා ගැනීමට කටයුතු කරනු ලැබේ. මේ පිළිබඳව JICA ආයතනයේ දකුණු ආසියානු දෙපාර්තමේන්තුවේ අධ්‍යකෂ ජෙනරාල් වන ඉටෝ ටෙරුයුකී මහතා විසින් මාගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශයේ නියෝජ්‍ය ලේකම්වරයාට පිටපතක් සහිතව ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වෙත එවන ලද 2022 ජූනි 01 වන දින දරන ලිපිය මෙම උත්තරයට ඇමුණුම** ලෙස ලකුණු කොට ඉදිරිපත් කර ඇත.
මේ පිළිබඳව මාත් මාගේ අමාත්‍යාංශයේ ලේකම්තුමා, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා හා ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා සමඟ සාකච්ඡා වට 02ක් පවත්වන ලද අතර, ඔවුන් පැහැදිලිව ප්‍රකාශ කර සිටියේ මෙම ව්‍යාපෘතියට අදාළ ණය මුදල පමණක් නොව JICA ආයතනයෙන් ශ්‍රී ලංකාවට ණය මුදල් සපයන ව්‍යාපෘතීන් 12ක් මෙලෙසම අත්හිටුවා ඇති බවයි. එසේ වුවද ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ක්‍රියාවලිය අවසන් වූ වහාම මෙම ව්‍යාපෘතිය බලාත්මක කිරීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට JICA ආයතනය සූදානම් බව දන්වා සිටින ලදී.
(iv) ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී මෙම ව්‍යාපෘතියට අදාළ ණය නැවත ලබා ගැනීම සඳහා ප්‍රමුඛතාව ලබා ගැනීම.
ඉදි කිරීම් භුමියේ සුරක්ෂිත බව, පාරිසරික අනුකූලතාව පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික නඩත්තු කටයුතු තවදුරටත් කොන්ත්‍රාත්කරු මඟින් ඉටු කරවා ගැනීම.
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය 2022 අප්‍රේල් මස 12 වන දින නිකුත් කරන ලද ඉහත සඳහන් නිවේදනයට JICA ආයතනයෙහි ණය මුදල ඇතුළත් නොකරන ලෙස ඉල්ලා සිටීම සහ ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගම AASL මඟින් ණය වාරික ආපසු ගෙවීම සඳහා වන අවසරය ලබා ගැනීමට අනුමැතිය ලබා ගැනීම.
JICA අරමුදල් යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපූර්ණය අඛණ්ඩව ලබා ගැනීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය සහ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය හා එක්ව JICA ආයතනය සමඟ තවදුරටත් සාකච්ඡා කිරීම.
JICA ආයතනයේ ණය මුදල් ලැබෙන තෙක් අවසන් නොකළ කොන්ක්‍රීට් වැඩ ප්‍රමාණයක් ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ මුදල් යොදවා අවසන් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීම.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-11-08
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks