01

E   |     |  

 දිනය: 2022-10-18   පිළිතුර ලබා දී ඇත 

3154/2022: සී/ස විවිධ සේවා සමුපකාර සමිති: කුරුණෑගල දිස්ත්‍රික්කය

----

අසන ලද දිනය

2022-10-18

අසන ලද්දේ

ගරු සමන්ප්‍රිය හේරත් මහතා, පා.ම.

අමාත්‍යාංශය

වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      වයඹ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්/ සමිති රෙජිස්ට්‍රාර් විසින් ලබා දී ඇති තොරතුරු අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සීමාසහිත විවිධ සේවා සමුපකාර සමිති සංඛ්‍යාව 21යි.

              (ii)      සේවය කරනු ලබන සේවකයින් සංඛ්‍යාව 2,459යි.

             (iii)      සමුපකාර සමිති විසින් පාලනය කරනු ලබන ප්‍රාදේශීය අළෙවිසැල් සංඛ්‍යාව 446යි.

(ආ) (i) වයඹ පළාත් සමුපකාර කොමසාරිස්/ සමිති රෙජිස්ට්‍රාර් විසින් ලබා දී ඇති තොරතුරු අනුව ඉහත සඳහන් සමුපකාර සමිති මඟින් ලබා දෙනු ලබන සේවා පහත පරිදි වේ.

 

· පාරිභෝගික අංශය - මෙම අංශය මඟින් ජනතාව සඳහා අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ තොග හා සිල්ලර පදනම මත සැපයීම සිදු කරනු ලැබේ.

· ග්‍රාමීය බැංකු අංශය - මෙම අංශය මඟින් ජනතාව සඳහා අත්‍යවශ්‍ය බැංකු සේවා වන තැන්පතු ලබා ගැනීම, ණය නිකුත් කිරීම, උකස් සේවා සැපයීම සිදු කරනු ලැබේ.

· ඉන්ධන අංශය  - සියලු ඉන්ධන වර්ග හා ලිහිසි තෙල් සැපයීම සිදු කරනු ලැබේ.

· අවමංගල්‍ය අංශය   - සියලු අවමංගල උත්සව කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සැපයීම.

· මුද්‍රණාල අංශය - සමුපකාර සමිතිවල හා අනෙකුත් පාරිභෝගිකයින්ගේ මුද්‍රණ අවශ්‍යතා සැපයීම.

· සහල් සැකසීම් අංශය - ගොවීන්ගේ වී සාධාරණ මිලකට ලබාගෙන සමිතිය මඟින් සහල් සැකසීම සිදු කර අළෙවි කිරීම සිදු කරනු ලැබේ.

· උත්සව ශාලා අංශය  - සියලු උත්සව කටයුතු සඳහා අවශ්‍ය ශාලා පහසුකම් සැපයීම සිදු කරනු ලැබේ.

· නියෝජිත අංශ   - විවිධ වෙළඳ සන්නම් නාම යටතේ නියෝජිත ධුර ලබාගෙන අදාළ භාණ්ඩ බෙදා හැරීම් කටයුතු සිදු කිරීම.

උදාහරණ ලෙස,

- ගෘහස්ථ ගෑස් අළෙවි නියෝජිත ධුරය

- ප්‍රීමා සමාගමේ තිරිඟු පිටි අළෙවි නියෝජිත ධුරය

- යුනිලීවර් සමාගමේ අළෙවි නියෝජිත ධුරය

- හේමාස් සමාගමේ අළෙවි නියෝජිත ධුරය

- සිලෝන් බිස්කට් සමාගමේ (මන්චි) අළෙවි නියෝජිත ධුරය

· කෘෂි යෙදවුම් ද්‍රව්‍ය - විශේෂයෙන්ම වී ගොවීන් සඳහා අවශ්‍ය බිත්තර වී, රසායනික අළෙවි ‍අංශය, පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය ආදිය අළෙවි කිරීම සිදු කරනු ලැබේ.

· ඉහත සඳහන් අංශවලට අමතරව සාමාජිකයින්ගේ නිෂ්පාදන මිලදී ගැනීම, විවිධ නිෂ්පාදන අංශ (උදා‍: බිත්තර, ඉදල්,‍ කොසු නිෂ්පාදනය), සේවා සැපයුම් (උදා: රක්ෂණ    

         නියෝජිත, විදේශ මුදල් හුවමාරු සේවා) වැනි අංශ ද සිදු කරනු ලැබේ.

 

(ii) වයඹ පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස්/ සමිති රෙජිස්ට්‍රාර් විසින් ලබා දී ඇති තොරතුරු අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමුපකාර ව්‍යාපාරය දියුණු කිරීම සඳහා විවිධ සේවා සමුපකාර සමිති මඟින් සපයනු ලබන මූලික සේවා වඩාත් විධිමත් හා නවීන තාක්ෂණය සමඟ ඒකාබද්ධව කටයුතු කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනු ලබන අතර, ඒ අනුව පහත සඳහන් ක්‍රියා මාර්ග‍ ගෙන ඇති බව දන්වා ඇත.

 

· මූලික ව්‍යාපාර ඒකකයක් වන ග්‍රාමීය බැංකු අංශයේ ව්‍යාපාරික කටයුතු නූතන ඊ-වාණිජ්‍ය හා ඒකාබද්ධ කිරීම් කටයුතු සිදු කිරීම සඳහා වයඹ පළාතේ පවතින 393ක් (කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය බැංකු සංඛ්‍යාව - 280) වන සියලු ග්‍රාමීය බැංකු පරිගණකගත කිරීම් කටයුතු හා ජාලගත කිරීම් කටයුතු අවසන් අදියරේ පවතින අතර, ඒ හා සමගාමීව ජාතික  බැංකු පද්ධතිය හා ඒකාබද්ධව ගනුදෙනු කිරීමේ හැකියාව ගනුදෙනුකරුවන් හට ලබා දීමට අවශ්‍ය කටයුතු ද සම්පාදනය කරමින් පවතින බව ද සිහිපත් කරමි. තවද, ග්‍රාමීය ක්ෂුද්‍ර මූල්‍ය අවශ්‍යතා මනා පරිචයන්ට අනුව සපුරා දීම සඳහා විශාල කාර්ය භාරයක් සිදු කරනු ලබන සණස සමිති ද පරිගණකගත කිරීමේ කටයුතු සිදු වෙමින් පවතින බව කාරුණිකව දන්වමි.

  • පාරිභෝගික අවශ්‍යතා මනා ලෙස සපුරාලීම සඳහා විශාල කාර්ය භාරයක් සිදු කරනු ලබන විවිධ සේවා සමුපකාර සමිතිවල පාරිභෝගික අංශයේ නව්‍යතාව ඇති කරලීම සඳහා සමුපකාර අරමුදල් ප්‍රතිපාදන මත වයඹ පළාතේ වෙළෙඳ සැල් 24ක් නවීකරණය කිරීමේ කටයුතු සිදු කර තිබෙන අතර, සියලුම වෙළෙඳ සැල් පරිගණක මෙහෙයුම් පද්ධතීන්ද ස්ථාපිත කිරීමේ කටයුතු සිදු කරමින් පවතින බව කාරුණිකව දන්වා සිටිමි.
  • සමුපකාර ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ වඩාත් වැදගත් අංශයක් වන ඉන්ධන අංශයේ කටයුතු ද නවීන තාක්ෂණය අනුව යාවත්කාලීන කිරීම ආරම්භ කර ඇති අතර, ඒ අනුව ඉන්ධන හල් සඳහා පරිගණක පද්ධතියක් හඳුන්වා දීමේ කටයුතු සිදු කරමින් පවතින බව ද දැක්විය හැකිය.

 

තවද විවිධ සේවා සමුපකාර සමිතිවලින් පරිබාහිරව නිෂ්පාදන සමුපකාර සමිති මඟින් නිෂ්පාදන ක්‍රියාවලියට සක්‍රිය දායකත්වයක් ලබා දීම සඳහා පහත සඳහන් ව්‍යාපෘති මේ වන විට ආරම්භ කර මූලික අදියරේ කටයුතු සිදු කෙරෙමින් පවතින බවද වාර්තා කර ඇත.

එසේම ග්‍රාමීය කාන්තා ව්‍යවසායකයින් සංවර්ධනය කිරීම සඳහා සහ පවතින තත්ත්වයන් තුළ ආහාර සුරක්ෂිතතාව උදෙසා පහත වගුවේ සඳහන් ව්‍යපෘති මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී.

ඒ වාගේම මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනෑ, ව්‍යාපෘති ගණනාවක් දැනට ආරම්භ කර තිබෙන බව.

අනු අංකය

ව්‍යාපෘතිය

ක්‍රියාත්මක කරනු ලබන සමිතිය/සංගමය

01.

කිරි නිෂ්පාදන වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය

 

i.

ගව මඩු 150ක් සංවර්ධනය

 

ii.

ජීව වායු ඒකක 150ක් සංවර්ධනය

 

iii.

නිෂ්පාදනාගාර කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතිය

සී/ස පොල් ත්‍රිකෝණයේ කිරි නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය.

iv.

නිෂ්පාදන විවිධාංගිකරණ ව්‍යාපෘති

 

v.

සූර්ය බල ව්‍යාපෘතිය

 

02.

පොල් ආශ්‍රිත අගය එකතු කිරීමේ නිෂ්පාදන

 

i.

පොල් තෙල් නිෂ්පාදනය හා ඇසුරුම්කරණය

සී/ස කුරුණෑගල පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය.  කම්මල්පත්තුව පොල් නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය.

03.

මිරිදිය මත්ස්‍ය වගාව ආශ්‍රිත ව්‍යාපෘති

 

i.

මිරිදිය මසුන් අභිජනන ව්‍යාපෘතිය

සී/ස හක්වටුනාඔය මිරිදිය සමුපකාර සමිතිය.  සී/ස සියඹලන්ගමුව මිරිදිය සමුපකාර සමිතිය

04.

සත්ත්ව ආහාර නිෂ්පාදනය

 

i.

කුකුළන් සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදනය

සී/ස දුම්මලසූරිය සත්ත්ව නිෂ්පාදන සමුපකාර සමිතිය.

ii.

සයිලේජ් (ගව ආහාර) නිෂ්පාදන ව්‍යාපෘතිය

සී/ස පොල් ත්‍රිකෝණයේ කිරි නිපදවන්නන්ගේ සමුපකාර සමිතිය.

අනු අංකය

ව්‍යාපෘතිය

ක්‍රියාත්මක කරනු ලබන සමිතිය / සංගමය

1.

කාන්තා ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන

සී/ස බිංගිරිය විවිධ සේවා සමුපකාර සමිතිය

2.

ගෙවතු වගා සංවර්ධන වැඩසටහන

සී/ස නිකවැරටිය සණස සමිතිය

 

 

සී/ස පඬුවස්නුවර සණස සමිතිය

 

 

සී/ස පොල්ගහවෙල සණස සමිතිය

 

 

සී/ස බිංගිරිය විවිධ සේවා සමුපකාර සමිතිය

තවද, වෙළෙඳ පොළ තුළ පවතින අභියෝගාත්මක තත්ත්වයන්ට සුරක්ෂිතව මුහුණ දීම සඳහා විවිධ සේවා සමුපකාර සමිතිවල පාරිභෝගික සහ ඉන්ධන අංශයන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් අරමුදල් සැපයීමේ කටයුතුද මේ වන විට සිදු කරමින් පවතී.

විශේෂයෙන්ම ආහාර සුරක්ෂිතතාව පිළිබඳව වැඩි අවධානයක් යොමුවෙලා තිබෙන මේ වෙලාවේ, සමුපකාර අංශය විධියට ඒ සඳහාත් කටයුතු කර තිබෙනවා. ඒ අනුව, ඉදිරියේදී ඩෙසිකට් (පොල් නිෂ්පාදන) ව්‍යාපෘතිය, බිම් මල් ආශ්‍රිත අගය එකතු කිරීමේ නිෂ්පාදන ව්‍යාපෘතිය, වාණිජ මට්ටමින් සූර්ය පැනල සවි කිරීමේ ව්‍යාපෘතිය, අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත ව්‍යාපෘතිය සහ ශාක කොටස් ආශ්‍රිත කඩදාසි නිෂ්පාදන ව්‍යාපෘතිය ආරම්භ කිරීම සඳහා දැනට ශක්‍යතා අධ්‍යයනයන් සිදු කරමින් පවතී.

(ඇ) පැන නොනඟී.

 

පිළිතුරු දුන් දිනය

2022-10-18

විසින් පිළිතුරු දෙන ලදී

ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks