01

E   |     |  

 දිනය: 2022-10-06   පිළිතුර ලබා දී ඇත 

3146/2022: සමාජ මාධ්‍ය පාලනය : නීති පැනවීම

----

අසන ලද දිනය

2022-10-06

අසන ලද්දේ

ගරු ගයන්ත කරුණාතිලක මහතා, පා.ම.

අමාත්‍යාංශය

ජනමාධ්‍ය

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)        නැත. සමාජ මාධ්‍ය පාලනය කිරීම සම්බන්ධයෙන් කිසිඳු අදහසක් නැහැ.

              (ii)        එවැනි කිසිඳු සාකච්ඡාවක් පිළිබඳව අප අමාත්‍යාංශය වෙත වාර්තා වී නැත.   

                        ඒ පිළිබඳව ගරු අධිකරණ ඇමතිතුමා සිංගප්පූරුවේදී සාකච්ඡාවක් කළ බවට මා වෙත කිසිම වාර්තාවක් නැහැ. සමහර විට එතුමා එවැනි සාකච්ඡාවක් කා සමඟ හෝ කළා ද කියලා මම දන්නේ නැහැ. නමුත්, රජය වශයෙන් කැබිනට් මණ්ඩලයට හෝ අදාළ කමිටුවකට එවැනි දෙයක් දැනුම් දීලා නැහැ.

 

(iii) මාධ්‍ය වාරණයට ලක් කිරීම හෝ මාධ්‍ය සඳහා සීමා පැනවීම ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හෝ රජයේ ප්‍රතිපත්තිය නොවන අතර, මාධ්‍ය සංවිධාන, සිවිල් ක්‍රියාකාරිකයන්, ප්‍රධාන ජාත්‍යන්තර සමාජ මාධ්‍ය ආයතන සහ රජය ඒකාබද්ධ නියාමන ප්‍රතිපත්තියක් සකස් කිරීම සියලු ප්‍රජාතන්ත්‍රවාදී රජයන් පිළිගත් ප්‍රතිපත්තියයි. අපිත් එම ක්‍රියාමාර්ගය අනුගමනය කරන්න බලාපොරොත්තු වෙනවා. සමහර සමාජ මාධ්‍ය තුළ ආගමික වශයෙන් දරුණු ලෙස ගැටුම් ඇති වෙන්න අදාළ වන, වාර්ගික වශයෙන් ගැටුම් ඇති වෙන්න අදාළ වන, එහෙම නැත්නම් සමාජ වශයෙන් පුද්ගලයන් අතර ගැටුම් ඇති වෙන්න අදාළ වන දේ පිළිබඳව කිසියම් නියාමනයක් තිබිය යුතු බව ගරු මාධ්‍ය අමාත්‍යවරයෙක් වශයෙන් කටයුතු කළ ඔබතුමාත් පිළිගන්නවා ඇති. එය මුළු ලෝකයම පිළිගන්නා දෙයක්. ඒ සඳහා අදාළ වන නියාමනයන් මිස, සමාජ මාධ්‍ය පාලනය කිරීමක් එයින් අදහස් කරන්නේ නැහැ.

(iv) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-10-06

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks