04

E   |     |  

 දිනය: 2022-12-09   පිළිතුර ලබා දී ඇත 

3117/2022: විදුලි පාරිභෝගිකයන්: විදුලි සම්බන්ධතා

----

අසන ලද දිනය

2022-12-09

අසන ලද්දේ

ගරු (මේජර්) සුදර්ශන දෙනිපිටිය මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලිබල හා බලශක්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      2022 ඔක්තෝබර් 01 දිනට ශ්‍රී ලංකාව තුළ සිටින මුළු විදුලි පාරිභෝගිකයන්ගේ සංඛ්‍යාව 7,374,080ක් වේ.

              (ii)      ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි සම්බන්ධතා ලබා දී ඇති පාරිභෝගිකයන් සංඛ්‍යාව 6,759,005ක් වන අතර ලංකා විදුලි (පෞද්ගලික) සමාගම විසින් පාරිභෝගිකයන් 615,075කට විදුලි සම්බන්ධතා ලබා දී ඇත.

              (iii)      38,021ක් වේ.

              (iv)      එදිනෙදා නඩත්තු කටයුතුවලට අමතර, නව විදුලි සම්බන්ධතා ලබා දීම සඳහා අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර්, විදුලි රැහැන් හා විදුලි මීටර් යනාදිය ප්‍රමාණවත් තොග ලංකා විදුලිබල මණ්ඩලය විසින් පවත්වා ගෙන යා යුතු ය. එසේ වුවද, රටෙහි පවත්නා විදේශ විනිමය දුෂ්කරතා හා ලංකා විදුලිබල මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය යහපත් නොවීම හේතුකොට ගෙන ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය වෙතින් අවශ්‍ය ට්‍රාන්ස්ෆෝමර් -තාරාපැටි- මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇත. අයහපත් මූල්‍ය තත්ත්වය හමුවේ අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමේ දුෂ්කරතාව හේතුවෙන් ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් ආයතනය විසින් මාසිකව ලංකා විදුලිබල මණ්ඩලය වෙත ලබා දෙනුයේ ඉතා සිමිත ට්‍රාන්ස්ෆෝමර් සංඛ්‍යාවකි. මෙම තත්ත්වය මත ඇතැම් තොග සැපයුම්කරුවන්ට (Bulk supply) හා නව සම්බන්ධතා ඉල්ලුම් කර ඇති පාරිභෝගිකයින්හට විදුලි සම්බන්ධතා ලබා දීමේ යම් ප්‍රමාදයක් පවතී.

තවද, රටේ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් වාණිජ බැංකු විසින් ණයවර ලිපි නිකුත් කිරීමේ විශාල ලෙස ප්‍රමාදයන් සිදුවීම හේතු කොටගෙන විදුලි සම්බන්ධතා නිසි අයුරින් ලබා දිම සඳහා අවශ්‍ය විදුලි රැහැන් හා සෙසු අමුද්‍රව්‍ය මෙන්ම විදුලි මනු සපයා ගැනීමේ දුෂ්කරතාව ලංකා විදුලිබල මණ්ඩලය විසින් මුහුණ පා ඇති ප්‍රධාන ගැටලුවකි.

කෙසේ වුවද, 2022 ජනවාරි මාසයේ සිට ප්‍රමාදයකින් තොරව අදාළ සම්බන්ධතා ලබා දීමට ලංවිම හැකි උපරිම උත්සාහය දරනු ඇත.

 

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks