පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
1907/’11
ගරු දයාසිරි ජයසේකර මහතා,— ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) ජාතික රූපවාහිනිය සතු ක්‍රීඩා තරග පටිගත කළ කැසට් පට හෝ දෘඪ තැටි කාල්ටන් ක්‍රීඩා නාලිකාව (CSN) වෙත ලබා දීමට කටයුතු යොදා තිබේද;
(ii) එසේ නම්, ඊට හේතු කවරේද;
(iii) එම කැසට් පට හෝ දෘඪ තැටි ලබා දුන් පදනම කවරේද;
(iv) එම කැසට් පට ලබා ගැනීම වෙනුවෙන් කාල්ටන් ක්‍රීඩා නාලිකාව විසින් ජාතික රූපවාහිනිය වෙත ගෙවන ලද මුදල කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) කාල්ටන් ක්‍රීඩා නාලිකාව විසින් එම කැසට් පට හෝ දෘඪ තැටි ලබා දෙන ලෙස ඉල්ලීමක් කළේ නම්, එම ඉල්ලීම් කළ අයගේ විස්තර කවරේද;
(ii) එකී ඉල්ලුම් ලිපිය කුමක්ද;
(iii) ජාතික රූපවාහිනිය විසින් එකී කැසට් පට හෝ දෘඪ තැටි නිදහස් කිරීමට බලය ලබා දුන් නිලධාරියාගේ නම සහ තනතුර කවරේද;
යන්න එතුමා මෙම සභාවට ඉදිරිපත් කරන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
අසන ලද දිනය
2012-05-08
අසන ලද්දේ
ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.
අමාත්‍යාංශය
ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව
සභාවාරය
1 වැනි සභාවාරය
ගරු කෙහෙළිය රඹුක්වැල්ල මහතා
(மாண்புமிகு கெஹெலிய ரம்புக்வெல்ல)
(The Hon. Keheliya Rambukwella)
ගරු කථානායකතුමනි, එම ප්‍රශ්නයට පිළිතුර මෙසේයි.
(අ) (i) නැත.
(ii) අදාළ නොවේ.
(iii) අදාළ නොවේ.
(iv) අදාළ නොවේ.
(ආ) (i) කාල්ටන් ක්‍රීඩා නාලිකාවේ ක්‍රීඩා අධ්‍යක්ෂ ගිහාන් සමරනායක මහතා විසින් ඉල්ලීමක් කර ඇත.
(ii) එම ලිපිය 2011.08.04 වන දින ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිශාන්ත උබේවංශ මහතා වෙත එවා ඇත. රූපවාහිනී සංස්ථාව සතු පටිගත හා සංරක්ෂිත ක්‍රීඩා වැඩසටහන්වලින් තෝරා ගත් සමහරක දර්ශන පිටපත් ලබා දෙන ලෙස ඒ මඟින් ඉල්ලා තිබේ.
(iii) ජාතික රූපවාහිනිය විසින් කාල්ටන් ක්‍රීඩා නාලිකාව වෙත කැසට් පට හෝ දෘඪ තැටි නිදහස් කිරීමක් සිදු කර නොමැත.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2013-01-09
විසින් පිළිතුරු දෙන ලදී
ගරු කෙහෙලිය රඹුක්වැල්ල මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks