පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-12-09
අසන ලද්දේ
ගරු ගුණතිලක රාජපක්ෂ මහතා, පා.ම.
අමාත්‍යාංශය
වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) සමුපකාර සංවර්ධන කොමසාරිස් විසින් ලබා දී ඇති තොරතුරු අනුව සී/ස විවිධ සේවා සමුපකාර සමිති සතු ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 276කි.
(ii) එම එක් එක් ඉන්ධන පිරවුම්හල පිහිටි ප්‍රදේශ ඇමුණුමෙහි දක්වා ඇත. ඇමුණුම සභාගත* කරමි.
(iii) නව ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමට අවශ්‍ය වන්නේ නම්, අදාළ විවිධ සේවා සමුපකාර සමිතිය විසින් පළාත් සමුපකාර සංවර්ධන කොමසාරිස් හරහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඉල්ලීම් කළ යුතු අතර, අදාළ අවශ්‍යතා සොයා බලා නව ඉන්ධන පිරවුම්හලක් පිහිටුවීම සඳහා අවසරය ලබා දෙන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසිනි.
පළාත් සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තු විසින් විවිධ සේවා සමුපකාර සමිතිවලින් ලැබෙන ඉල්ලීම් සලකා බලා නව ඉන්ධන පිරවුම්හල් පිහිටුවීමේ ඉල්ලීම් ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත ඉදිරිපත් කරනු ලබයි.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-12-13
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නලින් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks