පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2023-01-19
අසන ලද්දේ
ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.
අමාත්‍යාංශය
වනජීවී හා වනසම්පත් සංරක්ෂණ
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ඔව්.
(ii) වන අලියා, වඳුරා, රිළවා, ඌරා, ඉත්තෑවා, මොණරා වැනි සතුන්.
,
(iii) 1. වන අලින් වගා බිම්වලට වැදීම වැළැක්වීම සඳහා විදුලි වැට ඉදිකිරීම.
2. වන අලින් වගා හානි සඳහා පෙළඹෙන අවස්ථාවලදී එම ස්ථානවලින් එම සතුන් පළවා හැරීම.
3. වනජීවී නිලධාරින්ට වන අලින් පළවා හැරීම කළ නොහැකි අවස්ථාවලදී ගොවීන්ට එම කටයුතු සිදු කර ගත හැකි වන පරිදි භාවිතය සඳහා අලි වෙඩි ලබා දීම.
4. අවස්ථාවෝචිත පරිදි මිනිස් ජීවිතවලට, දේපළවලට හා කෘෂි භෝගවලට හානි කරමින් හැසිරෙන වන අලි අල්ලා පරිස්ථාපනය කිරීම සඳහා කටයුතු කිරීම.
5. වන අලින්ගෙන් සිදු විය හැකි හානි වළක්වා ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම.
6. වන අලින් නොවන වෙනත් වන සතුන්ගෙන් සිදු වන වගා හානි වැළැක්වීම සඳහා අවස්ථාවෝචිත පරිදි එම සතුන් එම ස්ථානවලින් ඉවත් කිරීම, පළවා හැරීම, වගාවන් වෙත ළඟා විය නොහැකි පරිදි උපක්‍රම යෙදීමට ගොවීන් දිරිගැන්වීම.
7. වන අලින් නොවන වන සතුන්ගෙන් සිදු වන වගා හානි වළක්වා ගැනීම සඳහා ගත යුතු උපායමාර්ගික ප්‍රවේශයන් සම්බන්ධව ජනතාව දැනුවත් කිරීම.
8. වන සතුන්ගෙන් සිදු වන හානි සම්බන්ධව අවස්ථාවෝචිතව ක්‍රියාත්මක වීම හා එම තත්ත්වයන් මැඩ පැවැත්වීමට කටයුතු කිරීම.
(iv) * වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනතේ පළමුවන උප ලේඛනයේ අන්තර්ගත කර ඇති රිළවුන්, හැලි වඳුරන් ආරක්ෂිත නොවන සත්ත්ව විශේෂයන් වේ. විස්තර ඇමුණුමෙහි** දක්වා ඇත. එවැනි සතුන් පළිබෝධකයන් ලෙස සලකන බැවින්, වගා බිම්වලදී, නගර හා නිවාස ආශ්‍රිතව ගන්නා ලද තීරණයන් පවතින නීතිය අනුව නීති විරෝධී නොවේ.
* තවද, රිළවුන්ගේ හා වඳුරන්ගේ ගහන වර්ධනයට ඔවුන්ගේ වටපිටාවේ ඇති ආහාරවල සුලභතාව ඍජු ලෙස බලපාන අතර, ඉවතලන ආහාර ද්‍රව්‍ය නිසි කළමනාකරණය යටතේ කසළ බඳුන් තුළ දමා මෙම සතුන්ට විවෘත කළ නොහැකි අයුරින් රැඳවීම ද මෙම සතුන් ගමන් ගන්නා මාර්ගයේ ඇති අතු ඉවත් කිරීම මඟින් ප්‍රධාන ගමන් මඟ ඇහිරීම ද මේ ගැටලු අවම කිරීම සඳහා ගත හැකි විසඳුම් ලෙස පෙන්වා දිය හැකිය.
(v) ඔව්. වන අලින්ගෙන් සිදු වන හානිවලින් පීඩාවට පත් වන පුද්ගලයන් සඳහා විධිමත් වන්දි ලබා දීමේ වැඩ පිළිවෙළක් මේ වන විටත් සකස් කර අවසන් ඇති අතර, එය අලි මිනිස් ගැටුම් පවතින සෑම දිස්ත්‍රික්කයක් තුළම ක්‍රියාත්මක වෙමින් පවතී.
වන සතුන් විසින් සිදු කරනු ලබන ශාරීරික හානි සහ දේපළ හානි සඳහා ඉදිරිපත් වන වන්දි ඉල්ලුම්පත්‍ර දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් වන්දි කමිටුවක් මඟින් සලකා බලනු ලබයි. එමඟින් තීරණය කරනු ලබන පරිදි වන අලින් ඇතුළු ආරක්ෂිත වන සතුන් වන දිවියා, කුළු හරකා සහ කිඹුලා යන සතුන් විසින් කරනු ලබන මිනිස් මරණ, ශාරීරික හානි සහ දේපළ හානි සඳහා පහත සඳහන් උපරිමයන්ට යටත්ව අමප/21/1350/314/015 හා 2021 අගෝස්තු මස 02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව වන්දි ගෙවීම සිදු කරනු ලබයි.
i. මිනිස් මරණ සඳහා රු : 1,000,000.00
ii. පූර්ණ ශාරීරික ආබාධයක් සඳහා රු : 1,000,000.00 උපරිම
iii. අර්ධ ශාරීරික හානි සඳහා රු : 150,000.00 උපරිම
iv. දේපළ හානි සඳහා රු : 200,000.00 උපරිම
දිස්ත්‍රික් වන්දි කමිටුව මඟින් අනුමත කරනු ලබන වන්දි අයදුම්පත් සඳහා ගෙවීමට අවශ්‍ය වන මුදල් ප්‍රතිපාදන වනජීවී අධ්‍යක්ෂ ජනරාල් විසින් එක් එක් දිස්ත්‍රික් ලේකම්වරු වෙත ලබා දෙනු ලැබේ.
නමුත් අනෙකුත් වන සතුන්ගෙන් හා වන අලින්ගෙන් වගාවන්ට සිදු වන හානිය ප්‍රතිපූරණය කිරීම සඳහා වන්දි ගෙවීමක් හෝ වෙනත් ක්‍රමවේදයක් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මූලිකත්වය ගෙන ක්‍රියාවේ යෙදවීමක් සිදු කරනු නොලැබේ.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-01-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks