01

E   |     |  

 දිනය: 2022-11-11   පිළිතුර ලබා දී ඇත 

2887/2022: කල්පිටියේ දෙළුම් වගාකරුවන්: තාක්ෂණික දැනුම ලබාදීම

----

අසන ලද දිනය

2022-11-11

අසන ලද්දේ

ගරු මායාදුන්න චින්තක අමල් මහතා, පා.ම.

අමාත්‍යාංශය

කෘෂිකර්ම

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      ඔව්.

              (ii)      දෙළුම් වගා කර ඇති භූමි ප්‍රමාණය අක්කර 65කි.

             (iii)      ගොවීන් සංඛ්‍යාව 150කි.

             (iv)      දැනට පවතින නිෂ්පාදනය ඉල්ලුමට ප්‍රමාණවත් නොවන බැවින් අළෙවිය පිළිබඳ ගැටලුවක් නොමැත. දැනට දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු සම්බන්ධ නිලධාරින්ගේ දැඩි හිඟයක් පැවැතියත් පර්යේෂණ වැඩසටහනක් පවත්වාගෙන යෑම සහ ගොවීන්ගේ ගැටලුවලට පිළිතුරු ලබා දීම සීමිත නිලධාරි සංඛ්‍යාවක් විසින් කරගෙන යනු ලැබේ.

(v) දැනට දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ සංවර්ධන අංශවල නිලධාරින්ගේ දැඩි හිඟයක් පැවැතියත්, පර්යේෂණ අංශය මඟින් දෙළුම් භෝගය වැඩි දියුණු කිරීමට අභිජනන වැඩසටහනක් සිදු කරනු ලැබේ. එමඟින් ඉතා මෑතකදී වඩාත් හොඳ ගුණාත්මක ලක්ෂණ දරන දෙළුම් වර්ගයක් නිදහස් කිරීමට බලාපොරොත්තු වේ. එම ප්‍රභේද වගා කිරීම සඳහා වැඩිදියුණු කළ වගා පැකේජයක් ද හඳුන්වා දෙනු ඇත. එමෙන්ම සංවර්ධන අංශය මඟින් ව්‍යාප්ති නිලධාරින් පුහුණු කිරීම, ගොවීන්ගේ ගැටලුවලට පිළිතුරු ලබාදීම, ගොවීන් පුහුණු කිරීම, රෝපණ ද්‍රව්‍ය ලබාදීම, සඟරා සහ ලිපි මඟින් ගොවීන් දැනුවත් කිරීම වැනි කටයුතු කරගෙන යනු ලැබේ.

(ආ) අදාළ නොවේ

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු මහින්ද අමරවීර මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks