පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-10-05
අසන ලද්දේ
ගරු වාසුදේව නානායක්කාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) නැත. රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ සහ රේගු දෙපාර්තමේන්තුවේ මෝටර් රථ තක්සේරු අංශයේ තක්සේරු වාර්තා අනුව මෙම ලැම්බෝගිනි වර්ගයේ වාහනය, රෝල්ස්-රොයිස් වර්ගයේ වාහනය සහ හමර් වර්ගයේ වාහන 02 යන සියල්ලෙහි තක්සේරු වටිනාකම රුපියල් කෝටි 13.5ක් වේ.
(iii) නැත. විධිමත් රේගු පරීක්ෂණ අවසානයේ රාජ සන්තක කරන ලද වාහන ශ්‍රී ලංකා රේගුව විසින් පවත්වන ලද විධිමත් ටෙන්ඩර් විකුණුම් හරහා ටෙන්ඩර්කරුවන් විසින් රුපියල් ලක්ෂ 1,503කට මිලදී ගෙන ඇත.
ඒ අනුව, මෙම ලැම්බෝගිනි වර්ගයේ වාහනය රුපියල් ලක්ෂ 501කට ද, රෝල්ස්-රොයිස් වර්ගයේ වාහනය රුපියල් ලක්ෂ 366කට ද, හමර් වර්ගයේ වාහන දෙක රුපියල් ලක්ෂ 636කට ද මිලදී ගෙන ඇත.
(ආ) (i) එම නිදහස් කිරීම් නීති විරෝධී නැත.
(ii) මූල්‍ය අලාභයක් සිදු වී නොමැත.
(ඇ) මෙම වාහන සියල්ල ශ්‍රී ලංකාවට වාහන ආනයනය කිරීම තහනම් කර ඇති කාලයේදී මෙරටට ආනයනය කළ වාහන වන අතර, රේගු නිලධාරින් විසින් නිෂ්කාසන කටයුතු නවත්වා රේගු විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව පවත්වන ලද විධිමත් රේගු පරීක්ෂණයක් අවසානයේ, රේගු ආඥාපනතේ 12 සහ 43 වගන්ති, 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත සහ 2020.08.17 දිනැති අංක 2189/04 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ රාජ සන්තක කර ඇත.
මෙම වාහන තක්සේරු කිරීමේදී ඒවායේ තත්ත්වය හා නිෂ්පාදන වර්ෂය පදනම් කරගෙන ඇත. ඒ අනුව එම වාහනවල තත්ත්වය පහත පරිදි දක්වමි.
වාහන වර්ගය නිෂ්පාදිත වර්ෂය තක්සේරු
වටිනාකම
(රු.මි)
ලැම්බෝගිනි 2019 40
රෝල්ස්-රොයිස් 2016 25
පැවැති තත්ත්වය-
මෙම වාහන අංග සම්පූර්ණ වාහන නොවන අතර, පැති දොරවල්, පැති කණ්ණාඩි, විදුලි ලාම්පු සහ ඉදිරිපස කොටස් නොතිබුණු අතර, වම් පසින් ධාවනය කිරීමට හැකි වන සේ සකස් කරන ලද රථ වේ.
වාහන වර්ගය නිෂ්පාදිත වර්ෂය තක්සේරු
වටිනාකම
(රු.මි)
පළමු හමර් රථය 2009 40යි.
දෙවන හමර් රථය 2009 30යි.
පැවැති තත්ත්වය-
මෙම වාහන අංග සම්පූර්ණ වාහන නොවන අතර, එන්ජින් හා අනෙකුත් උපාංග නොමැතිව එවා ඇත.
ඉහත වාහන ටෙන්ඩර් කරනු ලබන අවස්ථාවේදී ලැම්බෝගිනි රථය හා රෝල්ස්-රොයිස් රථය ටෙන්ඩර් කළ පළමු අවස්ථාවේදීම තක්සේරු කළ වටිනාකමට වඩා වැඩියෙන් ලංසු ලැබූ නිසා ප්‍රථමයෙන් ද, හමර් වර්ගයේ වාහන දෙක තක්සේරු කළ වටිනාකමට ටෙන්ඩර් මිල ගණන් නොලැබීම හේතුවෙන් පිළිවෙළින් තුන්වන හා පස්වන අවස්ථාවලදී විකිණීම සිදු වී ඇත.
ඉන් අනතුරුව මෙම වාහන රේගු ආඥා පනතේ 162වන වගන්තිය ප්‍රකාරව පවත්වන ලද විධිමත් ටෙන්ඩර් විකුණුම් හරහා රුපියල් ලක්ෂ 1,503ක මිලකට ටෙන්ඩර්කරුවන් විසින් මිලදීගෙන ඇත. ඒ අනුව,
වාහන සඳහා තක්සේරු වටිනාකම - රු. ලක්ෂ 1,350
ටෙන්ඩර් පටිපාටිය හරහා වාහන විකුණූ මිල - රු. ලක්ෂ 1,503
එබැවින් ශ්‍රී ලංකා රේගුව විසින් මෙම වාහන ටෙන්ඩර් පටිපාටිය යටතේ තක්සේරු මිලට වඩා රුපියල් ලක්ෂ 153ක් වැඩි මිලකට විකුණා ඇති බව පැහැදිලි වන අතර, මෙමඟින් රජයට මූල්‍ය අලාභයක් සිදු වී නොමැත.
පිළිතුරු දුන් දිනය
2022-10-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks