01

E   |     |  

 දිනය: 2022-10-05   පිළිතුර ලබා දී ඇත 

2649/2022: ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි හෝටල්: මුහුණ දී ඇති ගැටලු

----

අසන ලද දිනය

2022-10-05

අසන ලද්දේ

ගරු යූ. කේ. සුමිත් උඩුකුඹුර මහතා, පා.ම.

අමාත්‍යාංශය

සංචාරක හා ඉඩම්

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)    l   ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන් පහසුකම් සපයන ආයතන සංඛ්‍යාව 3,933කි. (සේවා පහසුකම් සපයන ආයතන සංඛ්‍යාව 2,231කි.)

                       l   නවාතැන් පහසුකම් ලබා දෙන ආයතන ඒවායේ ස්වභාවය අනුව කාණ්ඩ 15ක් යටතේ ලියාපදිංචි කර ඇත.

උදා :හෝටල් (Hotels)

ආගන්තුක නිවාස (Guest houses)

සංචාරක සත්කාරක නිවාස (Homestays)

     (ii)l ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කුඩා හා මධ්‍ය පරිමාණ කාණ්ඩවලට අයත් සේවා සපයන්නන් වෙත තම මෙහෙයුම් කටයුතු නැවත ආරම්භ කර සාර්ථකව කරගෙන යෑම සඳහා දැනුවත් කිරීමේ හා පුහුණු කිරීමේ වැඩසටහන් පැවැත්වීම.

l ගැටලුකාරී අවස්ථාවන්හි දී එයට මුහුණ දීම සඳහා දේශීය හා විදේශීයව හඳුනාගත හැකි විකල්ප ආදායම් ඇති කර ගැනීමේ ක්‍රමෝපායයන් ද අන්තර්ගතව ලියාපදිංචි කිරීම් සම්බන්ධව සියලු පළාත් ආවරණය වන පරිදි මාර්ගගත ක්‍රමය හරහා දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම. 

l පවතින මූල්‍ය අපහසුව සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියා පදිංචිය අලුත් කිරීමේදී 2020, 2021 වර්ෂ සඳහා කිසිදු මුදලක් අය නොකර බලපත්‍ර අලුත් කිරීම.

l 2020, 2021 වර්ෂවලට අදාළ බලපත්‍ර අලුත් නොකළ සේවා සපයන්නන්ටද සුරාබදු බලපත්‍රය ලබා ගැනීම සඳහා ක්‍රමවේද සකස් කර ක්‍රියාත්මක කිරීම.

l නවාතැන් පහසුකම් හා ආහාර පාන ලබා දෙන සංචාරක ආයතන සඳහා තම ව්‍යාපාර කටයුතු දියුණු කර ගැනීමට අත දීමක් ලෙස සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් මෘදු මත්පැන් අවසර පත්‍රයක් - soft liquor licence එකක්- ලබා ගැනීමට ක්‍රමවේද සකස් කිරීම.

(ආ) අදාළ නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-10-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks