01

E   |     |  

 දිනය: 2022-11-11   පිළිතුර ලබා දී ඇත 

2646/2022: මිනිස් ජනාවාස සහ වගාබිම් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කිරීම: ගැටලු

----

අසන ලද දිනය

2022-11-11

අසන ලද්දේ

ගරු ගාමිණී වලේබොඩ මහතා, පා.ම.

අමාත්‍යාංශය

වනජීවී හා වනසම්පත් සංරක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)                    (i), (ii), (iii)

                        1.     රක්ෂිත වනාන්තර ගැසට් මඟින් ප්‍රකාශයට පත් කිරීමෙන් ජනතාව පීඩාවට පත් කිරීමක් හෝ මිනිස් ජනාවාස/වගා බිම් රක්ෂිත වනාන්තර බවට පත් කිරීමක් සිදු නොකෙරේ.

                        2.     වනාන්තර ප්‍රකාශයට පත් කිරීම විධිමත් ක්‍රමවේදයක් යටතේ සිදු කෙරේ.

                        3.     එහිදී වනාන්තර ගැසට් මඟින් රක්ෂිත බවට පත් කිරීමේදී වනාන්තර ප්‍රදේශ ලෙස පැවති/පවතින රජයේ ඉඩම් ප්‍රකාශයට පත් කරනු ලැබේ. කෙසේ වෙතත්, අනවසරයෙන් වනාන්තර ඉඩම් අල්ලා ගත් අවස්ථාවල පාරිසරික කරුණු සහ පවතින නෛතික රාමුව සැලකිල්ලට ගෙන එම ඉඩම් නැවත වනාන්තර තුළට ඇතුළු කිරීම හැර මිනිස් ජනාවාස හෝ වගා බිම් ප්‍රදේශයන් රක්ෂිත වනාන්තර ලෙස ප්‍රකාශයට පත් කරනු නොලැබේ.

4. කෙසේ වෙතත් අනවසර අල්ලා ගැනීම් ඇති අවස්ථාවල ද ඒ සම්බන්ධයෙන් ද හැකිතාක් සමථකරණ ක්‍රියාවලීන් සිදු කර, වනාන්තර පරිසර පද්ධතියේ සංවේදීතාව ද සැලකිල්ලට ගෙන බැහැර කළ හැකි ඉඩම් ඇත්නම් ඒවා බැහැර කිරීමට ද කටයුතු කර ඇත.

(ආ) (i) හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා GPS තාක්ෂණය උපයෝගී කර ගනිමින් වනාන්තර ගැසට් කිරීම සිදු කරන අවස්ථාවලදී, විස්තරාත්මකව භූමි මැනුමක් සිදු කිරීමට නොහැකි වීම මත යම් ස්ථානවල ගැටලු පැන නැඟී ඇති අවස්ථා කිහිපයක් වාර්තා වී ඇත.

(ii) උක්ත ගැටලු ඇති ස්ථානවල එම භූමි හඳුනාගෙන පාරිසරික වැදගත්කම් හා පවතින නෛතික රාමු තුළ බැහැර කළ හැකි ඉඩම් කොටස් ඇත්නම් ඒවා බැහැර කිරීමට කටයුතු කර ඇත/කරමින් පවතී.

(iii) වනාන්තර වන සංරක්ෂණ ආඥා පනත යටතේ ප්‍රකාශයට පත් කිරීමට පෙර එම වනාන්තර පිළිබඳ සවිස්තර වාර්තාවක් ප්‍රාදේශීය ‍කමිටුවක් මඟින් ලබා ගැනීමට කටයුතු කර, වනාන්තර ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරයි.

එසේම මායිම් ගැටලු ඇති අවස්ථාවලදී අදාළ බාහිර පාර්ශ්ව සමඟ සමථකරණයන් සිදු කර නෛතික අයිතීන් පුද්ගලික බවට පැහැදිලිව ඇති ඉඩම් ඇත්නම් ඒවා බැහැර කිරීම සිදු කර ඇත/සිදු කෙරේ.

(ඇ) අදාළ ‍නොවේ.

පිළිතුරු දුන් දිනය

2022-12-13

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks