01

E   |     |  

 දිනය: 2022-09-09   පිළිතුර ලබා දී ඇත 

2639/2022: කහතුඩුව සිට පැල්මඩුල්ල දක්වා අධිවේගී මාර්ගය: ඉදිකිරීමේ ප්‍රගතිය

----

අසන ලද දිනය

2022-09-09

අසන ලද්දේ

ගරු රාජිකා වික්‍රමසිංහ මහත්මිය, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)          (i)      කහතුඩුව සිට රත්නපුර හරහා පැල්මඩුල්ල දක්වා වන අධිවේගී මාර්ගය -රුවන්පුර අධිවේගී මාර්ගය- අදියර 3කින් ඉදිකිරීමට යෝජනා කර ඇත.

                        අදියර 1 - කහතුඩුව සිට ඉංගිරිය දක්වා (කිලෝමීටර 0+000 සිට 24+300)

                        අදියර 2  -  ඉංගිරිය සිට රත්නපුර දක්වා  (කිලෝමීටර 24+300 සිට 44+000)

                        අදියර 3  -  රත්නපුර සිට පැල්මඩුල්ල දක්වා  (කිලෝමීටර 44+000 සිට 76+250)

මේ වන විට අදියර 1හි, එනම් කහතුඩුව සිට ඉංගිරිය දක්වා කොටස ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර, එහි ප්‍රගතිය සියයට 7.5ක් පමණ වේ. එයට හේතුව, මේ ආර්ථික අර්බුදය කරණකොටගෙන ඉදිකිරීම් කටයුතු අඩපණ වෙලා තිබීමයි.

අදියර 2 හා 3 ශක්‍යතා අධ්‍යයන නිමකොට, එහි වාර්තාව සකස් කරමින් පවතී.

(ii) අදියර 1  -  මැනුම් කටයුතු සම්පූර්ණයෙන්ම අවසන් කර සැලසුම් සකස් කර අවසන් කර ඇත.

අදියර 2 හා 3  -  මූලික මැනුම් සිදු කර අවසන් කර ඇති අතර, ඉඩම් අත්පත් කර ගැනීමේ මැනුම් සිදු කර නොමැත.

(iii) අදියර 1  -  ඉඩම් අත්පත් කර ගැනීමේ පනත හා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ අංක 1864/54 අති විශේෂ ගැසට් පත්‍රය අනුව මේ වන විට වන්දි ගෙවමින් පවතී. (ඇස්තමේන්තුගත මුළු මුදලින් සියයට 15ක් පමණ මේ වන විට ගෙවා අවසන් කර ඇත.)

අදියර 2 හා 3  -  ඉහත පනත හා අති විශේෂ ගැසට් පත්‍රය අනුව ඉදිරියේදී වන්දි ගෙවීමට නියමිතය.

  (iv) මෙම රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියර 2021.05.03 වන දින වැඩ ආරම්භ කර ඇති අතර, 2023.11.01 දින වැඩ නිම කිරීමට නියමිතය. නමුත්, එය එලෙසින්ම නිම වෙනවා ද කියා තීරණය වන්නේ අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්න පුළුවන් ද, බැරි ද කියන එක මතයි.

අදියර 2 හා 3  -  වැඩ ආරම්භ කරන හා අවසන් කරන දින පිළිබඳව තීරණය කර නොමැත.

(ආ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-10-05

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks