04

E   |     |  

 දිනය: 2012-04-17   පිළිතුර ලබා දී ඇත 

1870/2012: ටෙලිකොම් ආයතනයේ අන්තර්ජාල හරහා ඇමතුම් අංශය : වර්තමාන තත්ත්වය

1870/’11

 

ගරු දයාසිරි ජයසේකර මහතා,— විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අන්තර්ජාල හරහා ඇමතුම් අංශයේ (VOIP) දිනක ආදායම හා මාසික ආදායම කොපමණද;

            (ii)       එම අංශය මේ වන විට වසා දමා තිබේද;

  (iii)  එසේ නම්, වසා දමන ලද දිනය කවරේද;

  (iv)  එම අංශය වසා දැමීමට හේතු කවරේද;

  (v)  වසා දමන අවස්ථාවේ දී එම අංශය ලැබූ ලාභය හෝ අලාභය කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ)  නොඑසේ නම්,  ඒ මන්ද?

 

අසන ලද දිනය

2012-04-17

අසන ලද්දේ

ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, පා.ම.

අමාත්‍යාංශය

විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි පාර්ලිමේන්තුව

සභාවාරය

1 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

ගරු රංජිත් සියඹලාපිටිය මහතා

(மாண்புமிகு  ரஞ்ஜித்  சியம்பலாப்பிட்டிய)

(The Hon. Ranjith  Siyambalapitiya)

(අ)          (i)      ජාත්‍යන්තර මෙහෙයුම් සඳහා ඇමතුම් ලබා දීමට/ ලබා ගැනීමට, ජාත්‍යන්තර දුරකථන ඇමතුම් කාර්යය VOIP සහ TDM තාක්ෂණ ක්‍රමෝපායන් දෙක භාවිත කරනු ලැබේ. 2010 දෙවන භාගය දක්වා  VOIP සහ TDM  මෙහෙයුම් අංශ දෙකක් වශයෙන් ක්‍රියා කෙරුණි.  පසුව VOIP අංශය භාවිත කළ ස්විච, උපකරණ සහ ක්‍රියාවලියෙහි විනිවිදභාවය, පාලනය සහ ප්‍රමාණවත් නොවන විගණන කටයුතු සම්බන්ධ ගැටලු පැන නැඟුණි. එබැවින් VOIP මෙහෙයුම්වල විනිවිදභාවය ඉහළ නැංවීම සඳහා හඳුන්වා දෙන ලද නවීන දෘඩාංග හා මෘදුකාංග භාවිත කරමින් ඒකාබද්ධ ජාත්‍යන්තර ව්‍යාපාරයක් වශයෙන් TDM  මෙහෙයුම්වල කොටසක් වශයෙන් VOIP ඒ හා ඒකාබද්ධ කරන ලදී. VOIP  පහසුකම  තවමත් ලබා ගත හැකි අතර ජාත්‍යන්තර ක්‍රියාකරුවන්/ කණ්ඩායම් මෙම පහසුකම ඔස්සේ SLT වෙත ඇමතුම් යොමු කරති.  කෙසේ වෙතත්, බොහෝ ජාත්‍යන්තර ක්‍රියාකරුවන්/කණ්ඩායම් TDM වඩා සාර්ථක ක්‍රමයක් ලෙස පිළිගෙන ඇති බැවින් පසු ගිය වසර දෙක තුළ VOIP මත රැඳුණු ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ VOIP සහ TDM වල ආදායම පහත පරිදි වේ. ඔබතුමා දෛනික ආදායම තමයි අහලා තිබෙන්නේ.  නමුත් අපට මාසික ආදායමේ විස්තර ලබා දෙන්න පුළුවන්.

(ii) VOIP මෙහෙයුම් තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී. නමුත් වෙනම අංශයක් වශයෙන් ක්‍රියාත්මක වූ VOIP මෙහෙයුම් ජත්‍යන්තර අංශය යටතේ TDM සමඟ ඒකාබද්ධ කර තිබේ.

(iii)  අදාළ නොවේ.

(iv) අදාළ නොවේ.

(v)  අදාළ නොවේ.

(ආ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2013-01-08

විසින් පිළිතුරු දෙන ලදී

ගරු රංජිත් සියඹලාපිටිය මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks