පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-10-05
අසන ලද්දේ
ගරු සම්පත් අතුකෝරල මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක හා ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) ඔව්.
(ii) ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ වගකීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය වෙත පැවරී ඇත.
වර්ෂ 2018 සිට මේ දක්වා ගෝලීය ප්‍රවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට විවිධ අවස්ථාවලදී උත්සාහ දරා ඇත. ඒ අනුව,
• 2020 වසරේදී අමාත්‍ය මණ්ඩල අනුමැතියක් සහිතව ගෝලීය ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා ප්‍රසම්පාදන ක්‍රියාදාමය ආරම්භ කරන ලද අතර, රටවල් 16කින් මහජන සම්බන්ධතා ආයතන - public relations companies - සඳහා ලංසු ලබාගෙන ඇගැයීම් අවසන් කර ඇත.
• මෙම වැඩසටහන යටතේ දේශීය වශයෙන් ප්‍රචාරණ ආයතනයක් සහ ඩිජිටල් ප්‍රචාරණ ආයතනයක් සඳහා ව්‍යාපෘති ලංසු ඇගැයීම් කර අවසන් කර ඇත.
• පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් විදේශ ආයතන සඳහා මුදල් ගෙවීමේ අපහසුතා මත වැඩසටහන තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරමින් පවතී. විවිධ නොවැළැක්විය හැකි හේතු මත ගෝලීය ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වුවද, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවට සංචාරකයන් පැමිණෙන රටවල් අරමුණු කර ගනිමින් විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත. එම ක්‍රියාමාර්ග නම්,
1. ලෝකයේ ප්‍රධාන සංචාරක හා චාරිකා ප්‍රදර්ශන සඳහා ශ්‍රී ලාංකික සංචාරක කර්මාන්තකරුවන්හට සහභාගි වීම සඳහා පහසුකම් සැලසීම.
(උදා: WTM - එක්සත් රාජධානිය, ITB - ජර්මනිය, IFTM - ප්‍රංශය, SATTE - ඉන්දියාව, BITE - චීනය)
2. ඉන්දියාව, බංග්ලාදේශය සහ නේපාලය සඳහා සන්නාම තානාපතිවරයෙකු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ජනත් ජයසූරිය මහතා පත් කිරීම.
3. ක්‍රිකට් විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා "Visit Sri Lanka" ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම. මේ සඳහා කිසිම මුදලක් ලංකා ආණ්ඩුවෙන් නොදරා ඇත. ඒ වාගේ advertisement එකක් දාන්න අඩුම තරමින් ඩොලර් මිලියනයක්වත් ඉල්ලනවා. ඒ වාගේ මුදලක් නොදී ඒක කරගන්න හැකියාව ලැබුණා.
4. එංගන්තයේ බර්මින්හැම්හිදී පැවති ලෝක හොකී තරගාවලිය නියෝජනය කළ Sri Lanka Masters Hockey Team සඳහා අනුග්‍රාහකත්වය ලබා දීම.
5. ප්‍රධාන සංචාරක උත්පාදන රටවල සංචාරක නියෝජිතයන් - overseas travel agents - සඳහා දැනුවත් කිරීමේ චාරිකා සංවිධානය කිරීම සහ ලංකාව ප්‍රවර්ධන කිරීම සම්බන්ධයෙන් පුහුණුව ලබා දීම.
6. ප්‍රධාන අන්තර්ජාතික රූපවාහිනි ආයතන, සඟරා සහ පුවත් පත් හරහා ශ්‍රී ලංකාව පිළිබඳ දැන්වීම් පළකරමින් ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම.
7. ශ්‍රී ලංකා විදෙස් තානාපති කාර්යාල හරහා විවිධ සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
උදා : ශ්‍රී ලාංකික දින, මාර්ගස්ථ සංචාරක ප්‍රදර්ශන - roadshows, ශ්‍රී ලාංකික සූපවේදී ප්‍රදර්ශන
8. කොවිඩ් ගෝලීය වසංගත තත්ත්වය හේතුවෙන් සාම්ප්‍රදායික සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නොහැකි කාලය තුළ අන්තර්ජාතික සංචාරක නියෝජිතයන් දැනුවත් කිරීම සඳහා මාර්ගගත වැඩසටහන් - webinars - ක්‍රියාත්මක කිරීම.
9. Facebook, YouTube, Instagram වැනි සමාජ ජාල හරහා ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.
10. තෝරාගත් ප්‍රමුඛතා සංචාරක බ්ලොග්කරුවන් - bloggers, සමාජ මාධ්‍යකරුවන් - Social Media influencers and vloggers - සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් ශ්‍රී ලංකාවේ අප්‍රසිද්ධ සංචාරක ස්ථාන ප්‍රවර්ධනය කිරීම.
11. චීනයේ පුද්ගලික සමාගමක් සමඟ සම්බන්ධීකරණයෙන් WeChat භාවිතයෙන් චීනය තුළ ශ්‍රී ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රවර්ධනය කර එමඟින් සංචාරකයින් මිලියනයක් ගෙන ඒමට අපේක්ෂිතය. මේ සඳහා මෙරටින් පිරිවැය දරා නොමැත.
(ආ) අදාළ නොවේ
පිළිතුරු දුන් දිනය
2022-10-05
විසින් පිළිතුරු දෙන ලදී
ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks