පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-09-21
අසන ලද්දේ
ගරු සම්පත් අතුකෝරල මහතා, පා.ම.
අමාත්‍යාංශය
සංචාරක හා ඉඩම්
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) මේ දක්වා ශ්‍රී ලංකාව තුළ සංචාරක කලාප 15ක් ස්ථාපිත කර ඇත.
(ii) 1. කල්පිටිය
2. මීගමුව
3. ගල්කිස්ස
4. බේරුවල
5. මාදු ගඟ
6. උණවටුන
7. අරුගම්බේ
8. පින්නවල
9. නිලාවැලි
10. ත්‍රිකුණාමලය
11. බෙන්තොට
12. දෙද්දූව
13. කුච්චවේලි
14. කල්කුඩා
15. යාල
මීට අමතරව ඇල්ල, අරුගම්බේ සහ නුවරඑළිය සංචාරක කලාප හඳුනා ගැනීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමඟ කළ උපදේශනයෙන් පසු, ඇල්ල සංචාරක කලාපයක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය හරහා ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇත.
(iii) ඔව්.
මෙම කලාප ආශ්‍රිත කටයුතුවල වත්මන් තත්ත්වය මෙසේයි.
1. ඉහත කලාප අතරින් බෙන්තොට සහ කල්කුඩා - පාසිකුඩා නිකේතනය - සංචාරක කලාපවල ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සංචාරක නිකේතන දෙකක් එකී කලාපවල ප්‍රධාන සැලසුම්වලට - Master Plansවලට - ඇතුළත් කර මේ වනවිට සංවර්ධනය කර ඇත.
2. යාල සහ කුච්චවේලි සංචාරක කලාපවල නිවාඩු නිකේතන ඉදිකිරීම සඳහා මේ වන විටත් ප්‍රධාන සැලසුම් සකස් කර ඇත. තවද, එම ප්‍රධාන සැලසුම් මඟින් නිර්දේශිත ක්‍රියාකාරකම් ප්‍රමුඛතාව අනුව ක්‍රියාත්මක කෙරේ.
3. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් "දෙද්දූව වැව" නිකේතනයක් ලෙස සංවර්ධනය කිරීමට අදහස් කරන අතර, මෙය සංවර්ධන මාර්ගෝපදේශ සඳහා ප්‍රධාන සලැස්ම සකස් කිරීමට සැලසුම් කිරීමේ අදියරේ පවතී. මේ වනවිට මායිම් විවෘත කිරීමේ සහ වැටවල් සැකසීමේ කටයුතු සිදු වෙමින් පවතී.
4. ඉහත කරුණුවලට අමතරව, පහත සඳහන් පරිදි තවත් කලාප/ප්‍රදේශ කිහිපයක් සඳහා සංචාරක සංවර්ධන ප්‍රධාන සැලසුම් සකස් කිරීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නාගරික සංවර්ධන අධිකාරියේ සේවය ලබාගෙන ඇත.
i. ඇල්ල - 'ඇල්ල සංචාරක කලාපය' සංචාරක සංවර්ධන ප්‍රධාන සැලැස්මට ඇතුළත් කරමින් මේ වනවිට නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගැසට් කර ඇත. සංචාරක අමාත්‍යාංශය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ එක්ව නිර්දේශිත යටිතල පහසුකම් අවශ්‍යතා සහ ක්‍රියාකාරකම් හඳුනාගෙන ඇති අතර, ඒවා ක්‍රියාත්මක කිරීමේ සැලසුම්වලට ඇතුළත් කිරීමට අදාළ රේඛීය අමාත්‍යාංශ සමඟ සම්බන්ධීකරණය කර ඇත.
උදා: මාර්ග සංවර්ධන අධිකාරිය සහ දුම්රිය දෙපාර්තමේන්තුව.
ii. අරුගම්බේ - ප්‍රධාන සැලසුම් සංවර්ධන කටයුතු අවසන් කර ඇති අතර, එය මේ වසර අවසානයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගැසට් කිරීමට නියමිතය.
iii. නුවරඑළිය - ප්‍රධාන සැලැස්මේ අවසන් වාර්තාව ලැබී ඇති අතර අවසන් වාර්තාව මේ වසර අවසානයේදී ඉදිරිපත් කිරීමට නියමිතය.
iv. කල්පිටිය සහ හික්කඩුව - සංවර්ධන සැලැස්ම කෙටුම්පත් කර ඇත.
5. 2022 වසර අවසන් වනවිට සම්පූර්ණ කරන ලද සියලු ප්‍රධාන සැලසුම් අවශ්‍ය සංවර්ධන නියෝග සහ මාර්ගෝපදේශ සමඟ ගැසට් කිරීමට නියමිතය.
6. තවද, ගැසට් මඟින් ප්‍රකාශයට පත් කර ඇති කලාපවලට අමතරව බේරුවල සහ පින්නවල ප්‍රදේශ සඳහා ප්‍රමුඛතා ක්ෂේත්‍ර අනුව ප්‍රධාන සැලසුම් සමාලෝචනය කර සකස් කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.
(ආ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-09-21
විසින් පිළිතුරු දෙන ලදී
ගරු හරීන් ප්‍රනාන්දු මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks