පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-10-04
අසන ලද්දේ
ගරු ඩී. වීරසිංහ මහතා, පා.ම.
අමාත්‍යාංශය
කෘෂිකර්ම
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) සියලුම යෙදවුම්වල මිල ඉහළ යාම හේතුකොටගෙන දියර කිරි ලීටරයක විකුණුම් මිල වැඩි වී ඇත.
(ii) දිවයින පුරා පශු වෛද්‍ය කොට්ඨාස 334ක් ආවරණය වන පරිදි දියර කිරි පරිභෝජනය ප්‍රචලිත කිරීම සඳහා වැඩසටහනක් අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබේ.
අඩු පෝෂණ මට්ටමක් සහිත හඳුනා ගත් පාසල්වල සිසුන්ගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා නොමිලේ කිරි පැකැට්ටුවක් ලබා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරිණි. ප්‍රතිපාදන නොමැති වීමෙන් මෙම වැඩසටහන තාවකාලිකව ක්‍රියාත්මක නොකෙරුණු අතර ඉදිරියේදී නැවතත් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ.
(ආ) (i) පශු වෛද්‍ය කාර්යාල මට්ටමින් අවශ්‍ය ගොවීන් සඳහා කිරි එළදෙනුන් ලබාදීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක විය.
එසේ වුවද, උසස් ආරයේ කිරි එළදෙනුන් විශාල හිඟයක් පවතින බැවින්, ගොවීන්ගේ අවශ්‍යතාව සපුරාලීම සඳහා සතුන් ලබාදීමට නොහැකි වී ඇත.
ඊට අමතරව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ ගොවිපල හරහා ද, කුඩා හා මධ්‍ය පරිමාණ කිරි ගොවීන්හට සීමිත කිරි එළදෙනුන් ප්‍රමාණයක් ලබා දෙනු ලැබේ.
තවද, කෘත්‍රිම සිංචනය මඟින් උසස් ආරයේ ගව පැටවුන් බෝ කිරීමේ වැඩසටහන දිවයින පුරා පශු වෛද්‍ය කොට්ඨාස 334ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක කරනු ලැබේ.
(ii)
(iii) කිරි එළදෙනුන් බෙදා දෙන ලද ප්‍රදේශ
|
පළාත |
දිස්ත්‍රික්කය |
|
මධ්‍යම පළාත |
· මහනුවර දිස්‍ත්‍රික්කය · මාතලේ දිස්ත්‍රික්කය · නුවරඑළිය දිස්ත්‍රික්කය |
|
වයඹ පළාත |
· කුරුණෑගල දිස්ත්‍රික්කය · පුත්තලම දිස්ත්‍රික්කය |
|
උතුරු පළාත |
· වවුනියා දිස්ත්‍රික්කය |
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-10-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ඩී. බී. හේරත් මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks