01

E   |     |  

 දිනය: 2022-10-04   පිළිතුර ලබා දී ඇත 

2603/2022: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයින්: දේශපාලන පළිගැනීම්

----

අසන ලද දිනය

2022-10-04

අසන ලද්දේ

ගරු අශෝක් අබේසිංහ මහතා, පා.ම.

අමාත්‍යාංශය

ප්‍රවාහන හා මහාමාර්ග

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

(අ)           (i)      වාර්තා වී නොමැත.

              (ii)      විනයානුකූල හේතු මත සේවා තහනමක් සිදුවුවහොත් එවන් අවස්ථාවල මණ්ඩලිය විනය ව්‍යවස්ථාව අනුව විනය ක්‍රියා මාර්ග සිදු කරනු ලබයි. කිසිදු අවස්ථාවක දේශපාලන පළිගැනීම් පදනම් කරගෙන සේවා තහනම් හෝ සේවා ස්ථාන මාරු කිරීම් සිදු නොකරන බව දන්වා සිටියි.

                        තවද, ශ්‍රී ලංගම බොහෝ සේවා ස්ථානවල සේවක පුරප්පාඩු පවතින බැවින්, අති‍රික්ත සේවා ස්ථානවලින් පුරප්පාඩු වී ඇති සේවා ස්ථාන සඳහා සේවකයින් ස්ථාන මාරු කිරීමෙන් සේවකයින් තුලනය කිරිම මේ වනවිට සිදු කරනු ලබයි. මෙය දේශපාලන වශයෙන් සලකාබලා සිදුවන්නක් නොව, ඩිපෝ තුළ ඇති සේවක හිඟය හා සේවක අතිරික්තය සලකා බලා සේවා අවශ්‍යතාව මත ගන්නා ලද තීරණයකි.

(iii) ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් නිකුත් කරන ලද 1972 අංක 35 දරන සේවක මණ්ඩල කොට්ඨාස චක්‍රලේඛය මඟින් ශ්‍රී ලංගම සේවකයන් සඳහා දේශපාලන අයිතිවාසිකම් ලබා දී ඇත.

(ආ)    අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-10-04

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (ආචාර්ය) බන්දුල ගුණවර්ධන මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks