පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-10-04
අසන ලද්දේ
ගරු තිස්ස අත්තනායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
අධ්‍යාපන
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) ශ්‍රී ලංකාවේ රජයේ පාසල්වල බාලදක්ෂ මානවක/ මානවිකාවන් පුහුණු කරනු ලබන බව දනිමි.
(ii) ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයෙන් ලබාගත් තොරතුරු අනුව හා බාලදක්ෂ සංගමය විසින් පැවැත්වූ අවසන් සංගණනයේ වාර්තාව අනුව දිවයිනේ බාලදක්ෂ දිස්ත්‍රික් 37ක් ඇති අතර, බාලදක්ෂ ක්‍රියාකාරකම් දිවයිනේ පාසල් 983ක ක්‍රියාත්මක වේ.
(iii) ඔව්.
ඒ අනුව, ජාතික පාසල් බවට පත් කරන සියලු පාසල්වල බාලදක්ෂ සංගම් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරෙමින් පවතී.
(iv) ඔව්.
බාලදක්ෂ සංගමය ක්‍රියාත්මක වන සෑම පාසලකම බාලදක්ෂ පුහුණුව ලැබූ නිලධාරියෙක් හෝ ගුරුභවතෙක් සිටිය යුතුය.
දැනට පද්ධතිය තුළ සිටින ගුරුභවතුන් මෙම බාලදක්ෂ කණ්ඩායම් භාරව කටයුතු කරනු ලබන්නේ උගන්වනු ලබන තම ප්‍රධාන විෂයට අමතරවයි.
එම නිසා පාසල් බාලදක්ෂ කණ්ඩායම් ක්‍රියාත්මක කිරීම සඳහා පාසල තුළ පුහුණුව ලත් ගුරුවරුන් නොමැතිකම සහ ඇතැම් පාසල්වල පවතින ගුරු හිඟය හේතුවෙන් බාලදක්ෂ ගුරු පුහුණුව සඳහා ගුරුවරුන් නිදහස් කිරීමට නොහැකි වීම හඳුනාගත් ප්‍රධාන ගැටලුවකි.
එමෙන්ම දුෂ්කර පාසල්වල පවතින අවම පහසුකම් යටතේ සිසුන්ට මෙම පහසුකම් සඳහා අවශ්‍ය මූලික ප්‍රතිපාදන සපයා ගැනීමට ඇති අපහසුව ද තවත් ගැටලුවක් වශයෙන් හඳුනාගෙන ඇත.
(v) එසේ පියවරගෙන ඇත.
අමාත්‍ය මණ්ඩල පත්‍රිකා අංක 12/0961/530/030 වූ, "ශ්‍රී ලංකා බාලදක්ෂ, ශ්‍රී ලංකා බාලදක්ෂිකා හා ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරය සඳහා අරමුදල් ප්‍රදානය" යන මැයෙන් වන 2012.07.02 දිනැති සන්දේශය අනුව වාර්ෂිකව බාලදක්ෂ සිසු/ සිසුවියන් හා ගුරුවරුන් සඳහා කරනු ලබන පුහුණු වැඩසටහන් සඳහා රු. මිලියන 1.5ක ප්‍රතිපාදන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වාර්ෂිකව එම සංගමය වෙත ලබා දේ. ඒ අනුව ඉදිරියේදී ද ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සමඟ සාකච්ඡා කර නව ජාතික පාසල් 1,000 ව්‍යාපෘතියට අදාළව එම පාසල්හි බාලදක්ෂ සංගම් පිහිටුවීම සඳහා ගුරු පුහුණු ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
(ආ) (i) ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයෙන් ලබාගත් තොරතුරු අනුව, පහත අවස්ථාවලදී බාලදක්ෂ මානවක/ මානවිකාවන් සමාජ සත්කාර සේවාවන්හි (Community service projects) යෙදීම අවශ්‍ය වේ.
* අග්‍රාමාත්‍ය බාලදක්ෂ පදක්කම සඳහා (Prime Minister's Scout Award)
මෙහිදී පාසල විසින් හෝ වෙනත් සංවිධානයක් විසින් සංවිධානය කළ පැය 6කට නොඅඩු සමාජ සේවා ව්‍යාපෘතියක යෙදීම හෝ ඉගෙනුමට ඉතා දුර්වල දරුවකු සඳහා තනිව හෝ බාලදක්ෂ කණ්ඩායමක් වශයෙන් ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම.
සංවර්ධන ව්‍යාපෘතියක් අධ්‍යයනය කිරීම තුළින් කෙටි ලිඛිත වාර්තාවක් සකස් කිරීම හෝ "Scouts of the world" පදක්කම සඳහා අදාළ වන නිර්ණායක සම්පූර්ණ කිරීම යන කාර්යයන් සම්පූර්ණ කිරීම අපේක්ෂා කෙරේ.
* ජනාධිපති බාලදක්ෂ පදක්කම සඳහා (President's Scout Awards)
මෙහිදී බාලදක්ෂ මානවක/ මානවිකාවන් තිරසර සංවර්ධන ඉලක්කයන්ට අනුගත වන, මිනිස් පැය 72කට නොඅඩු සමාජ සේවා ව්‍යාපෘතියක් කණ්ඩායමක් ලෙස සැලසුම් කර සම්පූර්ණ කිරීම හෝ "Messenger of Peace" කුසලතා ලාංඡනය සඳහා වන නිර්ණායක සම්පූර්ණ කිරීම යන කාර්යයන් ඉටු කිරීම අපේක්ෂා කෙරේ.
(ii) උක්ත ව්‍යාපෘති සඳහා බාලදක්ෂ මානවක/ මානවිකාවන් සඳහා පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙන අතර මාර්ගෝපදේශ ලබා දීම් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය විසින් ඉටු කරනු ලබයි. එමෙන්ම ඉහත (අ) යටතේ කරුණු අංක (v)හි සඳහන් කර ඇති පරිදි, අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වාර්ෂිකව බාලදක්ෂ සංගමය වෙත රු. මිලියන 1.5ක ප්‍රතිපාදනයක් බාලදක්ෂ ගුරු හා සිසු පුහුණු වැඩසටහන් සඳහා ලබා දෙනු ලැබේ.
(iii) බාලදක්ෂ මානවක/ මානවිකාවන් සඳහා ලබා දෙනු ලබන පහසුකම් දැනට ප්‍රමාණවත් වේ.
(iv) ඉදිරියේදී එම පහසුකම් ඉහළ නැංවීම සඳහා පහත පරිදි සැලසුම් කර ඇත.
බාලදක්ෂ සංගමය ශ්‍රී ලංකාවේ පාසල් දරුවන් අතර ප්‍රචලිත කිරීමේ මීළඟ පියවර වශයෙන් නව ජාතික පාසල් 1,000හි දැනට බාලදක්ෂ සංගම් ආරම්භ කර නොමැති පාසල් සියල්ලේම ආරම්භ කිරීමට සැලසුම් කරමින් පවතී. මෙහිදී පළමු අදියර වශයෙන් මේ පිළිබඳව තොරතුරු රැස් කරමින් හා යාවත්කාලීන කරමින් සිටින අතර, ශ්‍රී ලංකා බාලදක්ෂ ව්‍යාපාරය සමඟ සාකච්ඡා කර අවශ්‍ය නිලධාරින් බඳවා ගැනීම සඳහා ගුරු පුහුණුව ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ යෝජිත පොකුරු පාසල් ක්‍රමය යටතේ බාලදක්ෂ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක වන පාසල් ඒ ආසන්නයේ ඇති බාලදක්ෂ ක්‍රියාකාරකම් ක්‍රියාත්මක නොවන පාසල් සමඟ සම්බන්ධීකරණය කිරීමේ වැඩසටහන් ද සැලසුම් කර ඇත.
උක්ත වැඩසටහන් ඔස්සේ දැනට බාලදක්ෂ සංගම් ක්‍රියාත්මක නොවන පාසල් සඳහා එය හඳුන්වා දීම තුළින් දරුවන් වැඩි පිරිසක් සඳහා මෙම විෂය සමගාමි ක්‍රියාකාරකමෙහි නිරත වීමට අවස්ථාව උදා කර දීම අපේක්ෂා කෙරේ.
(v) අදාළ නොවේ.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2022-10-04
විසින් පිළිතුරු දෙන ලදී
ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks