පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-10-20
අසන ලද්දේ
ගරු ලලිත් වර්ණ කුමාර මහතා, පා.ම.
අමාත්‍යාංශය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
(අ) (i) "ජය ඉසුර" සහන ණය යෝජනා ක්‍රමය මේ වන විට ක්‍රියාත්මක නොවේ.
(ii) ව්‍යවසායකයන් 2,672යි.
(iii) බැංකු අරමුදල් යොදා ගනිමින් ණය ලබා දීම සිදු කර ඇති බැවින්, එම ණය අදාළ අරමුණ සඳහා ව්‍යවසායකයන් විසින් යොදා ගෙන තිබේද යන්න අදාළ බැංකු විසින් අඛණ්ඩව අධීක්ෂණය කරනු ලැබේ.
(iv) කාන්තා ණය ගැනුම්කරුවන් කෙරෙහි ඇති බලපෑම ද අවධාරණය කරමින් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායන් සඳහා සහාය ලබා දෙනු ලබන රජයේ වැඩසටහන්වල ඵලදායීතාව ඇගැයීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙහි තාක්ෂණික සහාය ඇතිව අධ්‍යයනයක් මේ වන විට සිදු කරමින් පවතී. මෙම අධ්‍යයනය යටතේ, "ජය ඉසුර" ණය යෝජනා ක්‍රමය ද එහි ණය මුදල් ඵලදායී ලෙස භාවිත කර තිබේද යන්න ඇගැයීම සඳහා තෝරා ගෙන ඇත. ඒ අනුව, එම අධ්‍යයනයේ ප්‍රතිඵල මත, "ජය ඉසුර" ණය යෝජනා ක්‍රමයේ අපේක්ෂිත ප්‍රතිලාභ ළඟා කරගෙන තිබේද යන්න තක්සේරු කළ හැකි ය.
(v) තවදුරටත් මෙම යෝජනා ක්‍රමය යටතේ ණය ලබා නොදේ.
(ආ) "ජය ඉසුර" ණය යෝජනා ක්‍රමය ද ඇතුළත් "Enterprise Sri Lanka" වැඩසටහන, 2019 නොවැම්බර් මස 20වන දින සිට ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලදී.
පිළිතුරු දුන් දිනය
2022-10-20
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks