01

E   |     |  

 දිනය: 2022-09-21   පිළිතුර ලබා දී ඇත 

2583/2022: "රිය ශක්ති" සහන ණය යෝජනා ක්‍රමය: විස්තර

----

අසන ලද දිනය

2022-09-21

අසන ලද්දේ

ගරු ලලිත් වර්ණ කුමාර මහතා, පා.ම.

අමාත්‍යාංශය

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

 

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)            (i)       ඔව්. "රිය ශක්ති"ණය සහන ‍යෝජනා ක්‍රමය 2017 සිට 2019 වර්ෂය දක්වා "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ ක්‍රියාත්මක වූ යෝජනා ක්‍රමයකි.

              (ii)       මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන ලද කාලය තුළ ලියාපදිංචි කරන ලද මුළු අයදුම් පත්‍ර සංඛ්‍යාව 1,055කි.

              (iii)       පුද්ගලයින් 943ක් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ණය ලබා ගෙන ඇත.

(iv)  නැත. ඉදිරියට ක්‍රියාත්මක නොවේ.

(ආ)  "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" වැඩසටහන, 2019 නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලදී. නමුත්, ලබා දුන් ණය සඳහා අදාළ පොලී සහනාධාරය ණය ආපසු ගෙවීමේ කාලය අවසන් වන තෙක් මහා භාණ්ඩාගාරය විසින් අඛණ්ඩව බැංකු වෙත ගෙවනු ලැබේ.

පිළිතුරු දුන් දිනය

2022-09-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු ශෙහාන් සේමසිංහ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks