බලන්න

04

E   |     |  

 දිනය: 2022-09-21   පිළිතුර ලබා දී ඇත 

2565/2022: පුල්මුඩේ කර්මාන්තශාලාවේ ඉල්මනයිට් නිෂ්පාදනය: විස්තර

----

අසන ලද දිනය

2022-09-21

අසන ලද්දේ

ගරු සංජීව එදිරිමාන්න මහතා, පා.ම.

අමාත්‍යාංශය

කර්මාන්ත

ව්‍යවස්ථාදායකය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව

සභාවාරය

3 වැනි සභාවාරය

ප්‍රශ්න ඉතිහාසය

පිළිතුර

* සභාමේසය මත තබන ලද පිළිතුර:

* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:

* Answer tabled:

 

(අ)          (i)  ‍      ඔව්

              (ii)        

වර්ෂය

නිෂ්පාදන ප්‍රමාණය (මෙට්‍රික්ටොන්)

උපයා ඇති විදේශ විනිමය (රුපියල් මිලියන)

උපයා ඇති විදේශ විනිමය (ඇමෙරිකානු ඩොලර් මිලියන)

2015

36,719

283.96

2.15

2016

14,188

211.02

1.45

2017

47,659

872.08

5.81

2018

50,098

681.76

4.39

2019

33,181

417.92

2.38

2020

15,419

122.98

0.68

2021

44,700

2,305.05

11.70

2022

12,930

6,128.64

18.29

 

(iii)  අංක: අමප/20/0226/224/006/ටීබීආර් හා 2020.02.12 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය ප්‍රකාරව ඉල්මනයිට් හා රූටයිල් යන ඛනිජ වැලි වර්ග සඳහා අගය එකතු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට දේශීය හා විදේශීය ආයෝජකයින් වෙතින් 2021.07.04 දින අභිලාෂය පළ කිරීමේ යෝජනා - Expressions of Interest- කැඳවා ඇත.

ඒ අනුව ඉන්දියාව, චීනය, ජපානය, ඕස්ට්‍රේලියාව, හොංකොං, එක්සත් අරාබි එමීර් සහ ශ්‍රී ලංකාව යන රටවල ආයෝජක සමාගම් විසින් අභිලාෂය පළ කිරීමේ යෝජනා 13ක් ඉදිරිපත් වී ඇත.

එම යෝජනා ඇගයීම් සිදු කර විස්තරාත්මක ව්‍යාපෘති යෝජනා - Request for Proposals - ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන ආයෝජක සමාගම් 08ක් තෝරා ගෙන ඇත.‍

මෙම අගය එකතු කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කප්පල්තුරෛ ප්‍රදේශයේ පවතින ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු අක්කර 200ක පමණ විශාලත්වයකින් යුත් ඉඩම් කොටසකය. මෙම ඉඩම් කොටස ඉහත ව්‍යාපෘතිය සිදු කිරීම සඳහා ලංකා මිනරල් සෑන්ඩ්ස් ලිමිටඩ් වෙත දීර්ඝ කාලීන බදු පදනම මත පවරා දෙන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරි‍යේ සභාපති හා වරාය හා නාවික අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දී ඇත‍.

ඉහත ඉඩම් කොටස පවරා දීම සඳහා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ එකඟතාව ලැබුණු පසුව තෝරා ගත් ආයෝජක සමාගම් වෙතින් RFPs ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට තීරණය කර ඇත.

(iv) ඉල්මනයිට් භාවිත කර සකස් කළ හැකි අගය එකතු කළ නිෂ්පාදනවලට උදාහරණ ලෙස titanium slag, titanium pigments දැක්විය හැකිය. කෙසේ වෙතත්, ඉහත (අ) (iii)හි සඳහන් කර ඇති පරිදි විස්තරාත්මක ව්‍යාපෘති යෝජනා (RFPSs) ඉදිරිපත් කරන ආයෝජක සමාගම් විසින් තම යෝජනාවෙහි ඇතුළත් කරනු ලබන අගය එකතු කිරීමේ නිෂ්පාදන‍ - value-added products - අනුව මෙම භාණ්ඩ වර්ග තීරණය කිරීම සිදු වේ.‍

(v)

විස්තරය

තොග ප්‍රමාණය (මෙට්‍රික්ටොන්)

පුල්මුඩේ කර්මාන්ත ශාලාවේ දැනට පවතින සමස්ත ඉල්මනයිට් ප්‍රමාණය

62,602.35

ඉහත තොගයෙන් 2022.08.23 දින අංක: LMS/MKT/TDR/22/01 ටෙන්ඩරය ය‍ටතේ අළෙවි කර මෙතෙක් ඉවත් කර ගෙන නොමැති ප්‍රමාණය

60,000.00

ඒ අනුව, ඉදිරියේදී අළෙවි කිරීමට නියමිතව ඇති ප්‍රමාණය

2,602.35

(ආ)  අදාළ නොවේ.

 

පිළිතුරු දුන් දිනය

2022-09-21

විසින් පිළිතුරු දෙන ලදී

ගරු (වෛද්‍ය) රමේෂ් පතිරණ මහතා, පා.ම.





© ශ්‍රී ලංකා පාර්ලි‌මේන්තුව.

සියලු හිමිකම් ඇවිරිණි.

නිර්මාණය සහ සංවර්ධනය  TekGeeks