පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
ප්‍රවේශ වී ඔබේ පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධ වන්න
----
අසන ලද දිනය
2022-11-11
අසන ලද්දේ
ගරු කුමාරසිරි රත්නායක මහතා, පා.ම.
අමාත්‍යාංශය
ආරක්ෂක
ව්‍යවස්ථාදායකය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි පාර්ලිමේන්තුව
සභාවාරය
3 වැනි සභාවාරය
* සභාමේසය මත තබන ලද පිළිතුර:
* சபாபீடத்தில் வைக்கப்பட்ட விடை:
* Answer tabled:
(අ) (i) එම කාල සීමාව තුළ අක්‍රමිකතා ලෙස කරුණු 02ක් පිළිබඳව විගණනයෙන් වාර්තා කර ඇත. ඒ හැර විෂයගත කාල සීමාව තුළ කිසිදු අයථා පත්වීමක්, කිසිදු දූෂණ ක්‍රියාවක් හෝ කිසිදු නීති විරෝධී ක්‍රියාවක් සිදු වී ඇති බවට කරුණු අනාවරණය වී නොමැත.
(ii) අක්‍රමිකතා ලෙස විගණනයෙන් වාර්තා කර ඇති කරුණු 02 පහත පරිදි වේ.
1. වර්ෂ 2015දී සුනාමි කුලුනු නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 4.2කට ගිවිසුම්ගතව අනතුරුව එම ගිවිසුම අතරමග නතර කිරීම නිසා රජයට සිදු වී ඇතැයි විගණනය වසින් පවසන අලාභය.
2. වර්ෂ 2018-2019 කාල සීමාව තුළ රුපියල් මිලියන 9.7කට ආපදා අවදානම් අවම කිරීම් සංවර්ධන ප්‍රවාහයට ඇතුළත් කිරීම සඳහා මාර්ගෝපදේශ සකස් කිරීමට උපදේශන සේවා ආයතනයක් තෝරා ගැනීමේදී සිදු වී ඇතැයි විගණනය විසින් පෙන්වා දී ඇති අක්‍රමිකතාව.
(iii) * පළමු කරුණ සම්බන්ධයෙන් මේ වන විට රුපියල් මිලියන 2.1ක් ෆෝසයිට් ඉංජිනියරින් ආයතනයෙන් මෙම මධ්‍යස්ථානයට අය කර ගෙන ඇත. නමුත්, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මේ සම්බන්ධයෙන් සිදු කරමින් පවතින විමර්ශනය අවසන් වන තුරු නිශ්චිත වටිනාකමක් සඳහන් කළ නොහැකිය.
* දෙවන කරුණ සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ ආයතනය වෙත ගෙවිය යුතු මිලියන 4.2ක් රජය විසින් රඳවා ගෙන ඇති අතර, ගරු නීතිපතිතුමාගේ උපදෙස් සඳහා යොමු කර ඇති බැවින් උපදෙස් ලැබෙන තෙක් වටිනාකමක් සඳහන් කළ නොහැකිය.
(ආ) (i) අක්‍රමිකතාව ලෙස දැක්වූ පළමු කරුණ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර-
* ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අභ්‍යන්තර විගණන අංශය විසින් විගණන සිදු කර ඒ අනුව, 2015.02.18 දින IA/Memo/DG/16 දරන විගණන වාර්තාව සහ 2015.05.19 දින අංක IA/Memo/DG/22 දරන අභ්‍යන්තර විගණන වාර්තාව ඉදිරිපත් කර ඇත.
* එම විගණන වාර්තා මෙම මධ්‍යස්ථානයේ හා එවකට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ විගණන හා කළමනාකරණ කමිටුවලට ඉදිරිපත් කර ඇත.
* අදාළ ගිවිසුම අවලංගු කර රුපියල් මිලියන 2.1ක් ෆෝසයිට් ඉංජිනියරින් ආයතනයෙන් නැවත මෙම මධ්‍යස්ථානයට අය කර ගෙන ඇත.
* මේ කරුණ සම්බන්ධයෙන් ජනාධිපති විමර්ශන අංශය විසින් සිදු කරන ලද පරීක්ෂණයේ වාර්තාවට අනුව දැනට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින් විමර්ශනයක් සිදු කරමින් පවතී.
අක්‍රමිකතාව ලෙස දැක්වූ දෙවන කරුණ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර-
* ආපදා කළමනාකණ මධ්‍යස්ථානයේ අභ්‍යන්තර විගණන අංශය විසින් විගණන සිදු කර ඒ අනුව, 2019.09.17 දිනැති විගණන වාර්තාව ඉදිරිපත් කර ඇත.
* 2020.08.12 දිනැති 2019 මූල්‍ය වර්ෂයට අදාළව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සම්බන්ධයෙන් විගණකාධිපතිගේ අවසන් වාර්තාව මඟින්ද නිරීක්ෂණ ඉදිරිපත් කර ඇත.
* අනතුරුව, එම වාර්තා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ එවකට ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ විගණන හා කළමනාකරණ කමිටුවලට ද ඉදිරිපත් කර ඇත.
* තවද, එවකට ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවක් විසින් විශේෂ වාර්තාවක්ද මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇත.
* මේ වන විට ගෙවිය යුතු මුදල් රුපියල් මිලියන 4.2ක් ගෙවීම නතර කර ඇත.
* මේ සම්බන්ධයෙන් අංක DMC/FIN/2018 (PROCU : 13) දරන 2021.07.06 දිනැති ලිපිය මඟින් 2021 වර්ෂයේදී ගරු නීතිපතිතුමාගේ උපදෙස් අපේක්ෂා කර ඇති අතර, මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැත.
(ii) එම අක්‍රමිකතා ලෙස දැක්වූ කරුණු සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කටයුතු සහ නීතිමය කටයුතු පවතින හෙයින් වගකිව යුතු නිලධාරින් මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නම්කර නොමැත.
(iii) වගකිව යුතු නිලධාරින් අදාළ විමර්ශන සිදු කරන ආයතන විසින් මෙතෙක් හඳුනාගෙන නම්කර නොමැති වීම.
(iv) සිදු කරන විමර්ශන කටයුතු සහ නීතිමය කටයුතුවලින් ලැබෙන නියෝග සහ තීන්දු ප්‍රකාරව ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සුදුසු පරිදි කටයුතු කරනු ඇත.
(v) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සියලුම මූල්‍යමය ගනුදෙනු හා මූල්‍යමය කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගණනාවක් ගනු ලබයි. එම ක්‍රියාමාර්ග ආයතන සංග්‍රහය සහ මූල්‍ය රෙගුලාසිවලට යටත්ව සිදු කරනු ලබයි. ඒ අනුව,
* ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අභ්‍යන්තර විගණන අංශය විසින් මාසිකව සියලුම විගණන සිදු කිරීම.
* මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේභාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විගණන හා කළමනාකරණ කමිටුව (AMC) ත්‍රෛමාසිකව පැවැත්වීම.
* ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශයේ අභ්‍යන්තර විගණන අංශයෙන්ද ත්‍රෛ මාසිකව විගණනයක් සිදු කිරීම.
* ජාතික විගණන කාර්යාලය (රජයේ විගණන අංශය) මඟින් ද නිරන්තරයෙන් විගණනයන් සිදු කිරීම.
(ඇ) අදාළ නොවේ.
පිළිතුරු දුන් දිනය
2023-01-19
විසින් පිළිතුරු දෙන ලදී
ගරු ප්‍රසන්න රණතුංග මහතා, පා.ම.
පාර්ලිමේන්තු අත්පොත
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය
පාර්ලිමේන්තුවේ කටයුතු සිදුවන ආකාරය
පාර්ලිමේන්තුවේ කටයුතු
© ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව.
සියලු හිමිකම් ඇවිරිණි.
නිර්මාණය සහ සංවර්ධනය TekGeeks